‘ගවරා වඳ වී ගියත්, ගවර දේශපාලනය වඳ වී නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග කුරුණෑගල මහ සමුළුවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘අද මේ රටේ ව්‍යාපාරික ක්ෂෙත්රයේ ඉහළම 10 දෙනා ගන්න. ඒ අයගේ අම්මා තාත්තලා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් දහ දෙනාම තමන්ගේ ස්ව ශක්තියෙන් ඉහළට ආපු අය. පරිපාලන සේවයේ ඉහළම දහ දෙනා ගත්තත් ඔවුන්ගේ දෙමාපියන්ගේ නම් විකුණලා ආපු අය නෙමෙයි. එම දහ දෙනාම කුසලතාවයෙන් ඉහළට ආපු අය. ඉහළම වෛද්‍යවරු දහදෙනා ගන්න, ඉහළම ඉංජිනේරුවෝ දහදෙනා ගන්න, ඉහළම නඩු කාරයෝ, නීතීඥයෝ, ආරක්ෂක අංශවල ඉහළම ඉන්න අය මේ හැමෝම කුසලතාවයෙන් ඉහළට ආපු අය.
කී‍්‍රඩාවේ, කලාවේ එහෙමයි. හැබැයි දේශපාලනයේ විතරක් කුසලතාවයට තැනක් නැහැ. අපේ කලාපයේ සිංගප්පූරුව, ජපානය, චීනය මේ හැම රටක්ම ඉහළට ගිහින් තිබෙන්නේ දේශපාලනයට, කුසලතාවයට මුල්තැන දීමෙන්.
අතීතයේ සිටියා බලගතු සතෙක් ඩයිනෝසර් කියලා. අපේ රටෙත් හිටියා ගවරා කියලා සතෙක්, ගවරගිරිය, ගවරවිල මේ නොයෙක් නම් ඇතිවෙලා තිබෙන්නේ ගවරා නිසා. ගවරා වඳවුණා. මොකද සුද්දා ඇති කළ ඒ නවීකාරක වතු යායවල්වලට, ආර්ථික ක්‍රමයට ගවරා ගැළපුණේ නැහැ. ඒ නිසා ගවරා වඳවෙලා ගියා. හැබැයි ලංකාවේ නිදහසට පෙර සිට හරියට ගත්තොත් දේශපාලනයේ මුල් පෙළේ ඉන්න ගවර පන්තිය වඳවෙලා නැහැ . ඒ ගවර පන්තිය තමයි ඉදිරියෙන්ම යන්නේ. ඒ අය ලේසියෙන් වඳවෙන්නෙත් නැහැ.
අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි, මේ පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් වැදගත් නැහැ. රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලුත් දේශපාලන පන්තියක් ගෙන එන්න අපි අධිෂ්ඨාන කර ගත යුතුයි‘ යැයි පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවරෙකු ගැන කතා කරන සුන්දර මොහොත.අපි දැන් නැතුවද මෙයාගේ කෙරුවාව.
ඒ්ක නේන්නං
අපි දන්නා තරමට ගවරා වඳ වෙලා නැහැ බෝවෙලා
ඒක හරි
මොන කුසලතා සුදුසුකම් තිබුනත් දේශපාලනයට ආවම ඔවුන්ගෙයි අනිත් අයගෙයි වෙනසක් නෑ.
තාත්තා ගෙන් පුතාට... සැමියා ගෙන් බිරිඳ ට... පවුලෙ අයට බලය දෙන දේශපාලන සංස්කෘතිය වෙනුවට පක්ෂය කුමක් උනත් අධ්‍යාපනික වටිනා කමක් හෙබි හා සමාජය පිලිගත් යහගුණ ඇති අය පාලනයට එක්කර ඔවුන්ගේ සේවය රටට ලබාගැනීමට ජනතාව උනන්දු වියයුතුය .
ඉන්න තැන ප්‍රමාණවත් මදි වගෙයි.
ඔබ ඔය කියන රදල පවුල්වාදී දේශපාලන පන්තිය වඳ නොවෙන්නේ ඔබතුමා වැනි දක්ෂ කථිකයන් එම දේශපාලන පන්තියේ සාමාජිකයන් අමාරුවේ වැටුණ අවස්ථවලදී උදවු කරන නිසාත් නුගත් ඡන්දා දායකයන් ඔවුන්ට මනාප ගසන නිසාත්ය
එතකොට මොකාටද ගවරා කියන්නේ?
ගවර කියන්නේ ඉස්සර ලංකාවේ වනගතව ජිවත් වුන ප්‍රමාණයෙන් විශාල හරක් විශේෂයකට