(ඩයනා උදයංගනී)
මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අද (17) ගොස් ලිපියක් භාරදුන්හ.
උන්වහන්සේලා මෙම තොරතුරු ලබාගැනීම සඳහා පළමුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණි අතර පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ තොරතුරු තමන් සතුව නොමැති බැවින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් විමසන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දී තිබිණි.
ඉන් අනතුරුව රතන හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් එහි අතිරේක ලේකම්වරයෙකු වෙත තොරතුරු ඉල්ලීමේ ලිපිය භාර දී තිබේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කටයුතු සිදුකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙනම අංශයක් කෝට්ටේ ප්‍රදේශයේ පිහිටුවා ඇති බව එම අතිරේක ලේකම්වරයා උන්වහන්සේලා වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව හෙට (18) උදෑසන එම අංශයටද ගොස් තොරතුරු ඉල්ලීමට බලාපොරොත්තු වන බව රතන හිමියෝ කීහ.
දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ක්‍රියාත්මක වන රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව මඩකලපුව ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අනුමැතිය දී තිබේද, එසේනම් අනුමැතිය ඉල්ලුම් කළ පුද්ගලයා හා ආයතනය, එම විශ්වවිද්‍යාලයේ නම, ඒ වෙත භූමිය ලබාගෙන ඇති ආකාරය, මුදල් සම්පාදනය කරගන්නා ආකාරය සහ එයට දැනට ලැබී ඇති මුදල, විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය හා එයට ප්‍රධානීන් පත්කරන ආකාරය, එහි ස්ථාපිත කෙරෙන පීඨ සංඛ්‍යාව සහ ලබාදීමට යෝජිත උපාධි, විභාග පැවැත්වෙන ආකාරය ආදී තොරතුරු රැසක් රතන හිමියන් ඉල්ලා තිබිණි.
ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප අනුනාහිමි, ලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යනකොට මෙයා තමයි නියම නලුවා. අවුරුදු ගානක් අර බුල්ලා එක්ක අාණ්ඩුවල හිටියා. අඩුගානේ පත්තරේකින්වත් දැක්කේ නැද්ද මේ දේ ගැන...
වැඩේ හොදයි හාමුදුරුවනේ, හැබැයි ඉතින් අර ගස් කපපු බදුර්දීන්, පකිස්ථාන සරණාගතයෝ , මාද්රසා පාසල් වගේ දේවල් ගැනත් කතා කරන්න.
රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් එලියට බැහැලා නැවත සිංහල ඡන්දටික එකතුකරගෙන මේවගේ සිංහල බෞද්ධ විරෝදී ආණ්ඩුවකට සහයෝගය දුන්නොත් ඒ පව ඔබවහන්සේට බොහෝ ආත්ම ගණනක් ගෙනියන්න වේවි.
හොයාගෙන හොයාගෙන යනකොට ඕක ඇත්තටම ඇත්තේ කටාර් රටේ තමයි.
දැන් බබාවෙන්න හදනවා. ඕක පටන් ගත්තෙ අප්පච්චිගෙ කාලෙ.. එතකොට රතන හිමියෝ හිටියෙ ඒගොල්ලොත් එක්ක. එතකොට හිස්බුල්ලා ඇමතිකෙනෙක්.
හොඳ උත්සහයක් , අගය කල යුතුය
ලංකාවට විශ්වවිද්‍යාල එන එක ප්‍රශ්නයක්ද ? මොන ජාතියක් වුණත් මොකද. ලංකාවට විදේශ විනිමයක් එනවනම්. අරාබි විදියට හදලලු. එහනෙම් ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල හදල තියෙන්නේ ඉංග්‍රීසි විදියට නේ. රට ඉඳි ගස් වවල ලු . අනේ අම්පා. !!
ඇත්තටම ප්‍රස්නේ තියෙන්නේ මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන නොවෙයි. එහි අරමුණ ගැනයි. එහි උගන්වන දෑ ගැනයි. එයට අරමුදල් සම්පාදනය කරගත් විදිය ගැනයි. ලොව පිළිගත් අධ්‍යාපනයක්, රටට අදාල නීතියක්, ලොවම පිළිගත් ආගමක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පිළිගත් ක්‍රම වේදයකට උගන්නනවන්ම් ගැටළුවක් නෑ. එහෙත් ඒ කිසිවන් නොමැතිව කරන අධ්‍යාපන සංස්කෘතික හා නීතික රාමුව වනසන මෙවෙනි සරසවි කුමට ...
ත්‍රිපිටකයේ මුලික හරය ගැන හෙව්වානම් නරකද ...