( ප්‍රියන්ත ජයලත් සහ බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරයා අද (18) පැවති මහා සභා රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා සභාව උණුසුම් තත්වයක් ඇති විය.
සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව සභා රැස්වීම විනාඩි 30 ට කල් දැමීමට ද සිදු විය.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා සභාව මත මේසයක් මතට නැගී විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිය.

ප්‍රියන්ත ජයලත් ඡායාරූපය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මිනිස්සු කුඩු මුදලාලිලාගෙන් ළමයි බේරගන්න බැරිව ඉන්න කාලේ මුන් ගේ මැරකම් වලට පොලිස් ආරක්ෂාව ඉල්ලනවා .
කරන සේවයකුත් නැතිව සිටියදී රජයෙන් හෝ ජනතා මුදලින් වැටුපක් හෝ දීමනාවකුත් දුරකථන වැනි දීමනාත් ලබන මොවුන්ට රජයෙන්ම ආරක්ෂාවත් ඉල්ලා නැති තැන මේසය මත නැගී නොසිට ඉල්ලා අස්වුනොත් නරකද. නිකම් දුක්විඳින්නෙ මොටද මහත්තයෝ