IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නීති විභාග ක්‍රමවේදයේ වෙනස ගැන සිසුහු අගවිනිසුරුට ලියති


 
 
 
බිඟුන් මේනක ගමගේ 
 
නීති විද්‍යාලයේ මෙතෙක් කලක් විභාග පැවැත් වූ ක්‍රමවේදය වෙනස් කිරීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව කියමින් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමුකර ඇත. 

විභාගයේ පවතින තරගකාරීත්වය නිසා අධ්‍යයන වසර සමත්වීමට පනවා ඇති කොන්දේසි සැපිරීමට අසමත් වන සිසුන්ට පැවැත්වූ සහනශීලී විකල්ප විභාග හදිසියේම අහෝසි කිරීමෙන් මෙම ප්‍රශ්නය පැන නැග ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය සිය ලිපියෙහි දක්වා ඇත.

නීති විද්‍යාලයේ පවතින විභාග ක්‍රමය යටතේ විෂය අටකට අදාළව ප්‍රශ්න පත්‍ර සකස් කරන බව ද අධ්‍යයන වර්ෂය සමත්වූවකු සේ සැළකීමට නම් අදාළ විෂය අටෙහි ලකුණු එකතුවේ සාමාන්‍ය 50% ක් ද ඒ එක් එක් විෂයකට ලකුණු 40 ඉක්මවා ලබාගත යුතු බව ද එහි සඳහන් වේ.

එහෙත් මෙම ඉලක්ක සැපිරීමට අසමත් වන සිසුන්ට දින දහයක් ඇතුළත පැවැත්වෙන විකල්ප විභාගයක් මෙතෙක් කලක් පැවතුණ බවත් පසුගිය මාර්තු මාසයේ කළ හදිසි නිවේදනයකින් පසුව එය අහෝසි කර ඇති බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

මෙම තත්ත්වය විස්තර කරමින් වෙනම විශේෂ වාර්තාවක් සකස් කිරීමට ද එම ශිෂ්‍ය සංගමය කටයුතු කර ඇති අතර එහි පිටපතක් ද අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිනි ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මිය ඒ ගැන තමාට නිශ්චිත අදහසක් පළ කළ නොහැකි බවත් අගවිනිසුරුවරයාගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවත් පැවසීය. 
 



අදහස් (0)

නීති විභාග ක්‍රමවේදයේ වෙනස ගැන සිසුහු අගවිනිසුරුට ලියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site