(පුෂ්පකුමාර ජයරත්න )
ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (22) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ සියළුම දෙනා කතාවන බව පැවසූ අමාත්‍යවරයා තමන්ද සිතා සිටින්නේ ඒ මහතා ඉදිරිපත් වීම වඩාත්ම සුදුසු බව යැයිද කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එක්සත් ජාතික පක්ෂයේ සියඵම ජන්ද ප්‍රකාශ විය යුතුවාසේම මධ්‍යස්ථ සහ වෙනත් පක්ෂවල , වෙනත් ජාතීන්ගේ ජන්දද අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද අබේසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව එසේ ජන්ද ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා ලෙස තමන් දකින්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවද රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
අද (22) කුරුණෑගලදී අසරණ පවුලකට නව නිවෙසක් ඉදිකර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ අදහස් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 ජනාධිපතිවරණය - රනිල් තමා එකම සහ හොඳම සුදුස්සා.. 2020 ජනාධිපතිවරණය දැන් අපේ දොරටුවට වගේ ළඟටම ඇවිත්. මෙම වාතාවරණය තුළ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් සංධානයේ ජනාධිපති අපේක්ෂකයා බව මේ රටේ ජනතාවට ස්ථිර ලෙසම දැනගැනීමට දැන් කාලය ඇවිත්. රනිල් මේ රටේ මීළඟ ජනාධිපති විය යුත්තේ ඇයිද කියා මේ රටේ ජනතාව ඉතා ගැඹුරින්, බුද්ධිමත් මනසින්, කල්පනා සහගතව සිතා සලකා බැලිය යුතුයි. මේ මොහොතේ අප රටට තිබෙන හොඳම 'සුරක්ෂණාවරණය' - රනිල්. රනිල් නැති වුනොත් අපට නැතිවන්නේ හොඳ නායකයෙක් පමණක් නොවේ... ඔහු මඟින් අපට අත්පත් කරගත හැකි බොහෝ දේයි. අපේ දරුවන්ගේ දීප්තිමත් අනාගතයද වේ. රනිල් ඉතා විශිෂ්ඨ ලෙස පසුගිය වසර 30 තුළ එජාපයට නායකත්වය දුන්නා. නවසිය අනූගණන් සහ මේ ශත වර්ෂයේ මුල් දශකය එජාප ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර හා කැළඹිලි සහිත කාල පරිච්ඡේදයයි. පක්ෂයේ දැවැන්තයින් ත්‍රස්ත ප්‍රහාර වලින් මියයද්දී, දිවි ගලවාගත් එජාප නායකයන් අතලොස්ස අතරින් අපට ඉතිරිවී සිටින කෙනෙක් රනිල්... 1977 සිට නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන එකම දේශපාලනඥයා රනිල් වේ.
අපි ඔය එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා මිනිසුන්ට ජීවත්වෙන්නට විදියක් නැහැ. ඒ අස්සේ මේ අයට ජනපතිවරණ උණ හැදිලා...
මෙය හැම අතින්ම නිවැරදි ප්‍රකාශයක්... සියලු ජාතීන්ගේ හා ආගමිකයින්ගේ ඡන්ද ගතහැකි එජාපයේ ඉන්න එකම නායකයා සජිත් විතරමයි. රනිල් වික්‍රමසිංහ ඉතාම පලපුරුදු අත්දැකීම් බහුල ජාත්‍යන්තර කටයුතුවලට අතිශයින්ම දක්ෂයෙක්.. ඒත් එතුමා ජනතා ජනතා කැමැත්තක් නැති අප්‍රසාදයට පත් නායකයෙක්.. නිෂ්පාදනයක් කෙතරම් ගුණාත්මක වුවත්, අලෙවි කළ නොහැකි භාණ්ඩයක් නම් ඇති වැඩක් නැහැ.
සියලු ජාතීන්ගේ පමණක් නොව බහිරවයන්ගේද කැමැත්ත එතුමාට හිමිවේ.
ඔහුගේ ඇති ජනාධිපතිකමට සුදුසු තත්වයන් මොනවාද?
එක පිස්සෙක් ගෙනත් අවුරුදු 5ක් විකාර කරා මදිවට තව හෝන්තුවක් ගෙනත් රටේ ඉතුරු ටිකත් කාලම දාන්න හදන්නේ...
එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ පොහොට්ටුවට හෝ කිසිම සදාචාරයක් නැත...නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඔවුන් සේරම කිව්වේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව...
හරකුන් 225 නොඑන්නම පන්නා දැමිය යුතුයි.
සජිත් ආවත්, ගෝඨාභය ආවත්, වෙන කවුරු ආවත් මොකද්ද වෙනස?
පොඩ්ඩක් කට පරිස්සන් කරගෙන ඉන්නවද? සජිත්ටත් බැනුම් අහගන්නවා. මිනිස්සු ඡන්දෙ දෙන්නේ එයාලට ඕන අයට මිසක් ඔයාට ඕනෑ කෙනාට නෙමෙයි.
ලොම් හැලිච්ච අයට වඩා තරුණ නායකයෙක් වඩාත් සුදුසුයි.
ජනතාවට එපාවෙලා ඉන්නේ... අද මැතිවරණේ තිබ්බොත් නායකයන්, පාලකයන් සේරම ගෙදර තමයි.
හිටගෙනද දන්නේ නැහැ නේද? නායකයෝ බිහිවෙන්නේ ජනතාව අතරින්. මේ වගේ අය කියන නිසා නායකයෝ බිහි වෙන්නේ නෑ. එහෙම බිහි වෙනවා හැබැයි දුෂ්ටයන්. නායකයෙක් වෙන්න බොහෝ සුදුසුකම් තියෙන්න ඕනේ. මොනවද එයාට තියෙන්නේ? ඒ සඳහා ඉදිරිපත් කරන වැඩ පිළිවෙල මොකක්ද? මෙයාට ණය ගෙවන්න පුලුවන් වැඩ පිළිවෙලක් තියෙනවද? ඕනේ නම් උස නම් සෙකුරිටි, මිටි නම් කම්කරු වගේ වැඩ කරයි. ප්‍රේමදාස ජනාධිපති කාලේ අපේ රටේ මිනිස්සු විතරක් නෙමේ මුළු ලෝකෙම නැති කරගත්තා. හොඳට හිටියට පස්සේ විකාරයෙන් වගේ හැසිරුණා. ඒ අර සුදුසුකම් නොතිබුණු නිසා. ඒ නිසා විහිලු කතා කරන්න එපා. මිනිහෙක් තමන්ට ඕනේ පලියට රටක නායකයෙක් කරන්න බෑ.
2015 සිට අද දක්වා වූ සිටින අප රටේ විධායක ජනාධිපති වෙනත් පක්ෂ සාමාජිකයෙක්/නායකයෙක්. රනිල් අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ මෙවන් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ. අග්‍රාමාත්‍යවරයෙක් විසින් නොලැබිය යුතු නින්දා අපහාස ලබා ඔහු සියල්ල ඉවසා සිටියේ/ සිටින්නේ රට වෙනුවෙන් වැඩ කිරීමට ඇති , කැමත්ත, උවමනාව නිසායි. රටට ඇති ඔහුගේ ආදරය නිසායි. මේ රටේ අද තිබෙන 'අසු හාරදහසක් වූ ප්‍රශ්ණ දිවා රෑ නොතකා විසඳා, කිසියම් වූ විසදුම්/ස්ථාවරත්වයක් අප රටට ලැබී ඇත්තේ රනිල්ගේ හුදු ධෛර්යය, නොපසුබට උත්සාහය සහ දේශප්‍රේමිත්වය නිසායි.අහස උසට නැග ගෙන ගිය ඩොලරය කෙසේ හෝ අඩු/පාලනය කර ගැනීම, කිසිම තේරුමක් නැතිව අනුන් විසින් නිකරුනේ ලබා ගත් කුණු ණය කන්දට කර ගසා ඒවා ක්‍රම ක්‍රමයෙන් ගෙවා දැමීම, මීතොටමුල්ල කුණු කන්ද ඉවර කිරීම සහ මුළු රටේම කුණු එකතුකිරීමේ ප්රශ්නය විසඳීම, සුව සැරිය ඇරඹීම, අප රටට පැමිණි ජිනීවා වැනි අනේක ජාත්‍යාන්තර තර්ජන/සම්බාධක පැවරීමේ අවස්ථා නැති කර රටේ කිර්තිනාමය, ගරුත්වය ජාත්යාන් දැමීම,ජීඑස් පී , මත්ස්‍ය සහන අප රටට නැවත ලබා ගැනීම, අවශ්‍ය සැතරයේ ස්ථාපිත කිරීම, හිමි සැමට සමෘද්ධි ලබා දීම, ඉන්දියාව සමඟ නැවත තදබල මිත්‍ර
පරදවා ඉවත් කර හැරීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව රට යථා තත්වයට ඉතාම ඉක්මනින් ගෙන ඒම, රනිල්ගේ අති දක්ෂ, කෘතහස්ත නායකත්වය හුවා දක්වන කදිම නිදසුන්. ඔබ අවංකවම, හදවතට තට්ටු කර අහන්න දැනට, තමන් ඉදිරිපත් වනවා හෝ ඉදිරිපත් වීමට කැමති යයි කියා ගන්නා වෙනත් කිසිම ජනාධිපති අපෙක්ෂයෙකුට රනිල්ට කිට්ටුවෙන්න තරම් වත් දක්ෂ කමක්/හැකියාවක්, පළපුරුද්දක් තිබේද? නැහැ නේද? 2019 පාස්කු සංහාරයෙන් පසුව අප රටේ යලි 1983 කළු ජූලියක් ඇතිවීමට ඉඩ නොලැබුණේ රනිල්ගේ අති දක්ෂ, ශුර නායකත්වය, රට වෙනුවෙන් කැප වීම නිසායි. නොපසුබට උත්සාහය රනිල්ට පරම්පරාවෙන්ම ආවේනිකවූ මහඟු දායාදයක්. 2019 පාස්කු සංහාරයෙන් පසුව හමුදා/සේවා ප්‍රධානීන්ට රටේ අගමැති වූ රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට නොයා යුතු බවට විධාන දී තිබුන විට රනිල් කලේ කුමක්ද? ඔවුන්ව සොයා ඔහු ආරක්ෂක අමාත්‍යංයට ගොස්, ඔවුන් පැමිණෙන තෙක් එහි බලා සිට, ඉන්පසු ආරක්ෂක කවුන්සිලය පවත්වා, රටේ ආරක්ෂාවට අවශ්‍ය සියලු කටයුතු (ඇඳිරි නිතිය දැමීම වැනි දේ) සිදු කිරීමයි.
කලේ රනිල්ය. මේවා රනිල් සතු නිහතමානිකම, දක්ෂතාවය සහ කැපවූ නායකත්වය පෙන්වන එක් නිදසුනක් පමණයි. දුෂණ. වංචා වලින් පිරි ශ්‍රී ලාංකික දේශපාලන වාතාවරණය තුල ‘Mr Clean’ යන ගෞරවාන්විත නාමයක් ගොඩ නගා ගැනීමට රනිල් සමත්ව තිබෙනවා/හැකියාව ලබා සිටිනවා. මහා බැංකු සිද්ධියෙන් ජනාධිපති කොමිසම ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ඔහු පුද්ගලිකව කිසිම ලාභ ප්‍රයෝජනයක් ගත් බව හෙළි වී නැහැ. ඒ පිළිබඳව (බැඳුම්කරය) රනිල්ට පහර දීමෙන් වැඩක් නැහැ (බටලන්ද ජනාධිපති කොමිසමෙන්ද රනිල් නිවැරදිකරු වුනා). රනිල් තරම් විරුද්ධවාදීන්ගෙන්/පක්ෂපාථ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මාධ්‍යවලින් බැනුම් අසන වෙනත් කිසිම දේශපාලනඥයෙක් මේ රටේ නැහැ. නමුත් රනිල් - අප කවුරුත් හොඳින් දන්නා රනිල් - ඒ සියල්ල ඉදිරියේ නොසැලී සිටියා, ඉදිරියටත් නොසැලී සිටිනවා. ‘පිරුණු කලේ දිය නොසැලේ’ යන ප්‍රස්ථාව පිරුළ සනාථ කිරීමට හොඳම උදාහරණයයි රනිල්. පසුගිය වසර තුනක පමණ කාලයක සිට රනිල් සිය සුවිශේෂී හා කැපී පෙනෙන නායකත්වය මැනවින් විද්‍යාමාන කිරීමට රනිල් සමත්වී සිටිනවා. ඔහු දැන් පරිනත වී අවසන්. ඔහු අප අත් හැර යායුතු කාලය නොවෙයි මෙය. ඔහු අප සමඟ සිට, අපට සේවය
කල යුතුම කාලයයි. මන්ද. රනිල්ගෙන් තව වසර 10ක් වත් මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳට වැඩ ගත හැකියි. අද, රනිල් යනු ලෝකයේ සිටින අති ප්‍රසිද්ධ දේශපාලන චරිතයක්. ඔහු තමයි අපට සිටින ජාත්‍යාන්තරයේ එවන් නමක් හදා ගත්/දිනා ගත් එකම නායකයා. මෝඩි, ට්‍රම්ප්, එංගලන්ත, ජපන්, කැනඩා, ඕස්ට්‍රේලියා වැනි රටවල රාජ්‍ය නායකයන් අප රටේ කෙලින්ම කථා කිරීමට කැමති, ගනු දෙනු කිරීමට කැමති එකම නායකයා රනිල්. අන් අය කවුරුන්ද කියාවත් ඔවුන් නොදනිත්. බොහෝ අය සමඟ කථා කරන්න ගියහම එවන් උගත් රාජ්‍ය නායකයන්ගේ ඔළු අවුල් වෙනවා. මෙවර මෝඩි පැමිණි අවස්ථාවේ රනිල්ව තමන්ගේ මෝටර් රිය නංවා සාකච්ඡා කරමින් ගමන් කිරීමට තීරණය කලේ, ඒ සඳහා කැමති වුනේ මෝඩිමයි. මන්ද, ඔහු දන්නවා රටේ අනෙක් නායකයන් මෙන් නොව රනිල් සමඟ බුද්ධිමත්, කාලෝචිත, ජනතාවාදී සාකච්ඡා පැවැත්විය හැකි බව. මෝඩිගේ ශරීර අංගෝපාංග වලින් ප්‍රදර්ශනය වුනා ඔහු රනිල් සමඟ කොතරම් කුළුපගද, රනිල් සමඟ සමාගමට ඔහු කොතරම් කැමතිද කියා. මෝඩි රනිල්ව තම සම මට්ටමින් සලකනවා, එවන් සැලකුම් ලබන වෙනත් කිසිම දේශපාලනඥයෙක් මෙරට නැහැ. ඉතින් එවැන්නෙක් ඇයි අප ප්‍රතික්ෂේප කරන්නේ!?
විදේශ තානාපතිවරුන් රනිල් සමඟ කටයුතු කිරීමට ඉතා කැමැත්තක් දැක්වීම අප අවතක්සේරු නොකළ යුතු දෙයක්. එය රනිල් සතු මහඟු දක්ෂතාවයක්... එවන් දක්ෂතා ඇති දේශපාලනඥයන් අද අප රටේ ඇත්තේ ඉතාම අතළොස්සයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින, නම්දී තිබෙන කිසිවෙකුට රනිල්ටවන් එවන් දක්ෂතාවයක් නැහැ. පුරාජේරු කථා නොකළාට රනිල් ලංකාවට සැබවින්ම ආදරේ කෙනෙක්... කිසිදා ඔහු අප රටේ අයිතීන් විකිණීමට හෝ අසාධාරණ, වංචා සහගත ලෙස රටට අවැඩක් කිරීමට කටයුතු නොකරන්නෙක්... තමන්ට රැකීමට පරපුරක් නැති බව ඔහු විසින්ම ප්‍රකාශ කර තිබෙනවා. කලින් තිබූ පාලනය නිසා චීනයට සින්නක්කරව අයත් වී ගිය අපේ වටිනා ඉඩම් බදුකර ක්‍රම යටතේ වෙනස් කර ගැනීමට ශුර රනිල් සමත් වුණා. ඔහුට කිසි ලෙසකින් වුවමනා වුනේ නැහැ. අප රටේ ඉඩම් විදේශිකයන් සින්නක්කරව ලබා ගැනීම ගැන. රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා රනිල් උපරිම ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් දිවා රෑ නොතකා වැඩ කරනවා. නමුත් ඔහුට උපරිම ප්‍රමාණයෙන්, ශක්තියෙන් වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ.
රජය ඔහුගේ නොවන නිසාත්, වෙන කෙනෙක් යටතේ වැඩ කරන නිසාත්, ඔහුට එදිරිව අති වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉමහත් නිසාත් රනිල්ට සිය උපරිම හැකියාවෙන් වැඩ කරන්න, වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රනිල්ව කකුලෙන් අදින්නේ කවුද? ඔහුව බිම වට්ටන්න උපරිමයෙන් කටයුතු කරන්නේ කවුරුන්ද කියා මුළු රටම දන්නා නිසා ඒ නම් මෙහි සඳහන් කිරීම අනවශ්‍යයි. අනෙක් බොහෝ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් මෙන් රනිල් රංගන ශිල්පියෙකු නොවේ. ඔහුටද අවශ්‍ය නම් ජාතික ඇඳුම පැළඳ සිටිය හැකියි. බෞද්ධ විහාරස්ථානවලට දිනපතා, නීතිපතා යමින් සවසට රූපවාහිනි ප්රවෘත්ති විකාශන තුළින් අප රූපවාහිනිය තුළටවිත් මාධ්‍ය සංදර්ශන කරන්න පුළුවන්... කුඩා දරුවන් ඔවුන්ගේ මව්වරුන්ගෙන් ඉල්ලාගෙන බොරුවට සිප ගැනීම, වඩා ගැනීම, කොන්ඩේ ඩයි කර බොරු තරුණ පෙනුමක් පෙන්වීම, වෙනත් දේශපාලනඥයන් කරන මෙවැනි බාල දේ කිරීමට තරම් රනිල් බාලයෙක් නොවෙයි. ලංකා විශ්ව විද්‍යාලයකින් උපාධියක් (නීති) ලබාගත් එකම අග්‍රාමාත්‍යවරයා රනිල්ය. උදේට බොරු ජාතික ඇඳුම හැඳ, හවසට නැවත යුරෝපිය ඇඳුමට බසින බොරු, හොර දේශප්‍රේමින් සිටින රටක රනිල් එවැන්නෙක් නොවේ. රනිල් ඇත්ත වශයෙන්ම හොඳ සිංහල, බෞද්ධයෙක්...
හොඳ සිංහල, බෞද්ධයෙක්. සිංහල බෞද්ධ කුල කාන්තාවක් සොයා ඇයව විවාහ කරගත් රනිල් අද ඉතා සාර්ථක, විශිෂ්ට විවාහ ජිවිතයක් ගත කරන්නෙක්. සිංහලකමට, බෞද්ධාගමට සැබවින්ම ගරු කරන, ආදරය කරන මේ දෙපල සිය විවේක කාලය සොරකමින් මුදල් හෙවීමටවත්, විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමටවත් නොව උසස් පොත් පත් කියවා සිය බුද්ධිය, මනස වැඩි දියුණු කරගැනීමට, කියවීමෙන් ආශ්වාදයක් ලැබීමට කාලය ගත කරත්... තම දෙමව්පිය ඇවෑමෙන් රනිල්ට හිමි වූ කොල්ලුපිටිය 5වෙනි පටුමගේ මොවුන් වාසය කරන දෙමහල් නිවසේ වහල වැස්සෙන් තෙමෙන තත්ව තිබෙන බව දන්නෝ දනිති. වෙනත් දේශපාලනඥයින් කෝටි ගණන් මහජන මුදල් වියදම් කර සිය නිවෙස් හදා ගනිති. රනිල් එසේ කර නැත. ඔහුගේ ආරක්ෂාවට ඔහු ඉල්ලා ඇත්තේ අතලොස්සක් පමණවූ පොලිස් නිලධාරින් කණ්ඩායමකි. රනිල් වැනි අනගි චරිතයක් අද තත්කාලින දේශපාලන සමාජයේ නැති තරම්ය. ඔහු හොඳ වැඩි නිසා නිරන්තරයෙන් බැනුම් අසයි, නින්දා, පරිභව ලබා ගනියි. අප ජීවත්වෙන රටේ අති ශෝචනීය තත්වයයි ඒ. ජනතාව රනිල් පිලිබඳ ගොඩක් දේ නොදන්නේ රනිල් බොරු ප්‍රසිද්ධිය සොයා දිව යන්නෙක් නොවන නිසායි (ඩඩ්ලි සේනානායක මෙන්). රනිල් සිය පෞද්ගලිකත්වය රැකගනී. මිතුරන්ට හොඳ මිතුරෙකි.
අප රනිල්ව ජනාධිපති කර, ඔහුට ජනාධිපති ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුමයි. රනිල් ජනාධිපති වුවහොත් මොන තරම් හොඳ, දක්ෂ ජනාධිපතිවරයෙක් අපට ලැබී තිබේදැයි එදාට අපට දැන ගති හැකිවනු ඇත. ඔහුගේ 42 වසරක අඛණ්ඩ දේශපාලනය අපට කියනුයේ රනිල්ගෙන් අපට කිසිදා අවැඩක් නොවන බව සහ අප රට අඩු තරමින් තව අවුරුදු 10ක් වත් ඔහුගෙන් වැඩ ගත යුතු බවයි. දිල්රුක්ෂි වික්‍රමසිංහ වැනි වංචා, දුෂණයෙන් තොර අවංක නිලධාරින් පත් කර (ඇයව පත් කලේ අල්ලස් කොමසාරිස්වරිය ලෙසටයි) හොරු ඇල්ලීමට රනිල් උත්සාහ කළත්, ඔහුගේ කකුල් අදින්නෝ බොහෝ වූහ. නොමේරු, නොපැසුණු අප හරියට නොදන්නා අයෙක් ජනාධිපති ලෙස කර අපගේ ජීවිත කාලයටම දුක් නොවෙමු. රනිල් ජනාධිපති කිරීමට අප සැම සැදී පැහැදී වැඩ කරමු.
රට අගාධයට ගෙනිච්ඡ දසක 4 ක් වසර 40 ක්. සජිත්ට කිසිම දැක්මක් නැහැ. අරාබි රටවල් සම්බාධක දමාවි කියා බයේ, ජාත්‍යන්තර අවබෝධයක් නැහැ. එජාපයේ කවුරුත් නැහැ..
දැන් සමෘද්ධිය දුන්නට මනාපෙ දෙන්න ජනතාව සූදානම් නැහැ.
තියන ඕනෑම මැතිවරණයකදීම පරාජය නියතයි.
මහා පක්ෂ දෙකේම නායකයෝ දෙතුන්දෙනා කරන්නේ සුළු පක්ෂ ටික පිරිවරාගෙන ඡන්දෙට කලින් බොරු පොරොන්දු දීලා අපිව රවටලා බලේ අරගෙන අපිව ටිකෙන් ටික සුරාකන එක... මේ රට ගොඩගන්න ඕනේ නම් ඔය දේශපාලන පක්ෂ දෙක තුනටම නැති නාගානන්ද කොඩිතුවක්කු, කුමාර සංගක්කාර, කාදිනල්තුමා වගේ රට, ජාතියට ආදරය කරන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති කෙනෙක් නිර්පාක්ෂික ජනපති ලෙස පත්කරගන්න ඕනේ... ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවලා දමලා, විද්වත් හොර බොරු නැති කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට පත්කරගෙන මධ්‍යම යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ජපානයේ තිබෙන ආකාරයට නීතියේ අධිපත්‍යය රටේ ස්ථාපිත කරන්න ඕනේ... නඩුකාරවරු වැඩියෙන් බඳවාගෙන අල්ලස් නඩු, ඉඩම් නඩු, මිනීමැරුම් නඩු ඇතුළු සියලුම නඩු වර්ග යුරෝපයේ සිදුවන පරිදි මාස කිහිපයකින් තීන්දුව දෙන්න ඕනේ... නැතුව අපි පසුගිය අවුරුදු 70දී කළා වගේ මහපක්ෂ 2-3 දේශපාලකයන් මාරුවෙන් මාරුවට බලයට ගෙනඑමින් ඉදිරියටත් ඔවුන් පසුපස ගියොත් තව අවරුදු 10-15 කින් අපේ රට සෝමාලියාවේ තත්වයට වැටෙනු ඇත.
අපේ රට වෙන රටකට බාර දෙන්න - මුන් රට විනාශ කලා
ඇයි ඔබ සුදුසු නැද්ද ඒ තනතුරට ?
ඇයි ඔබ සුදුසු නැද්ද ඒ තනතුරට ?
2015 ජනවාරියේ ජනාධිපතිවරණයෙන් දිනුවානම් රජ පවුලක් ස්ථාපිත කිරීමේ කාර්යය අත්හැර නොමැතිබව කරුණාවෙන් සලකත්වා.පසුගිය දිනක දයාසිරි ලේකම්වරයා කියපු රාජපක්ෂ පවුලේ වැඩිදෙනෙකුට ඇමතිපදවි ලැබෙනවා කීම වැනි දෙයින් එය පැහැදිලියි.එසේම මැතිවරණ ඉල්ලා දඟලන සභාපති තුමාටත් මල්කැකුලෙන් ආසනයක් ලැබෙනවා කියලයි ආරංචි.කොහොම වුනත් රනිල් නැත්නම් ඉදිරි දැක්මක් නැති සජිත්ට වඩා රජපවුලක් ස්ථාපිතවීම හොඳයි
මොහු මෙහෙම කියනකොට ප්‍රේමදාස යුගයේ ජපානයට ගිය ගුවන් යානාවල මගීන් වෙනුවට මොහුගේ මස්සිනාගේ මල්වතු ව්‍යාපාරයේ මල් පලදාව ගමන් ගත්ත හැටි එකපාරටම සිහිවුනා.
Chanak los angeles මල්ලි, ඔය කියන මස්සිනාගේ ඕකිඩ් මල් වවන සිංහරාජ අඩවියට අයත් ඉඩම කොහොමද? එයාට ලැබුනේ කියලත් හොයන්න ඕනෑ. එතකොට අලගිය වැල ගිය තැන් ඔක්කොම එළියට එනවා. මම චුටි ටිප් එකක් දෙන්නම්.. ඔය ඉඩම කොල්ලකාගත්තේ 77 ආණ්ඩුව කාලයේලු. ඒ කාලයේ ඔය මස්සිනාගේ තාත්තා ආණ්ඩුවේ ලොකු වැඩ කාරයෙක්...
අශෝක් අබේසිංහට තමයි ඉතින්....
අපි නම් චන්දය දෙන්න හිතන්නෙවත් නැත.
ඔබ උගතෙක්, බුද්ධිමතෙක් බව පෙනේ. ඔබට අපට නුදුරේ දී ජය නියතයි!
නෝ ට්‍රම්ප්ස් ඔබ හරියට හරි!
ඔබ තුමාගේ මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි.
හැත්තෑ අවුරද්දක් කෑවා මදිද? උඹලට අපිනම් අහුවෙයි.... අපි දැන් නියම වෙනසට, අපි නාගානන්දට.
අපි නම් නාගානන්දට... පෞරුෂත්වයක් ඇති රාජ්‍ය නායකයින් සිටි රටකට 1977 න් පසු වුදේ? ඔක්ස්ෆර්ඩ් උපාධිධාරීන්, ඩබල් ඩොක්ටරේට් ධාරීන් නායකයෝ වෙලා සිටි රටේ දැන් ජනාධිපති වෙන්න අඩුවශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් වෙලා තිබිය යුතුයි කියා පාරලිමේන්තුවෙන්ම කියනවා ඇහෙනවා. කාටද ආඩම්බර...?
එක වහල් මහත්තයෙක් ගැනනම් හොඳටම දුක හිතුණා. ඇත්තටම අපාය දිහා බලාගෙන දිව්‍ය ලෝකෙ විස්තර කළා වගේ... ඕවා හොඳයි වහල්ලුන්ටම. එජාපය එකතු වී මුලු රටම විනාශකළ බව නම් අද මුලු ලෝකයම හොඳින් දන්නවා...