(බිඟුන් මේනක ගමගේ)
වෛරී ප්‍රකාශ හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීමට ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ද ඒ බව සිය සංගමයට දන්වා සිටියේ යැයි ද ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.
පසුගිය දිනවල සුළු ජන කොට්ඨාස සම්බන්ධයෙන් ෆෙස්බුක් හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය කිහිපවරක්ම ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම අවහිර කර තිබිණි. එය පදනම් කරගනිමින් ෆෙස්බුක් ආයතනය මෙම පියවර ගෙන ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.
ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා සටහන් ඉවත් කිරීම, මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්රචාරයවීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆෙස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින සටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්ය වී ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.
ෆේස්බුක් ආයතනය තම භාෂාමය ගැටළු විසඳාගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් යැයි ද කුරුවිටගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙන රටවල සිට දමන වෛරී ප්‍රකාශනත් නවත් වන්න පිළිවන්ද? වෛරී අදහස් වලින් පෙළපොත් ප්‍රකාශයට පමුණුවන්න පුළුවන් නම් ඊට ඒ ආකාරයෙන් පිළිතුරු දෙන්න බැරිද?
දේශපාලකයන්ටත් ඒ නීතිය පොදු වෙන්න ඕනේ.දේශපාලකයන් විසින් හෝ ෆෙස්බුක් ජාලයෙන් පිටතදී හෝ රටට ජාතියට ආගමට හෝ කෙනෙකුට විරැද්දව කිසියම් තැනක කිසියම් විදිහකින් සදහන් කර ඉස්මතු කරවුහොත් මේ රටේ පුරවැසියන් හැටියට අඳ, ගොළු, බිහිරන්සේ සිටිය නොහැක.
බමුණුට බය වෙන්න හේතුවක් නැහැ. වෛරී ප්‍රකාශන සහ නිර්ලජ්ජීව කඩේ යන ප්‍රකාශන අතර වෙනස ෆේස් බුක් කාරයෝ අඳුනනවා ඇතිනේ.
වෛරී ප්‍රකාශ නවත්වන්න ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවීම ඉතා කාලෝචිතය. මන්ද අද ශෝක්කෝ බක්කෝ කවුරුත් ෆේස්බූක් භාවිතාකරති. ෆේස්බූක් වල පමණක් නොව ඕනෑම තැනක ඕනෑම අදහසක් අවෛරිව ප්‍රකාශ කරන්නෝ වගකීමෙන් යුතු බුද්ධිමතුන් වන අතර වෛරී ප්‍රකාශන කරන ඕනෑම කෙනෙකු වගකීමෙන් තොර බුද්ධිහීනයෝ බව කවුරුත් පිළිගනිති.
එ්ක නම් හොඳ වැඩක්... වෛරී ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතර විශාල බෙදීම් ඇති වෙනවා. ඉතින් කොහේද අපේ රට දියුණු වෙන්නේ...
ලෙඩේට මුල වෛරී ප්‍රකාශ ආගමේ මුල් පොතේ තිබීමයි. ඒවා සහරාන්ගේ හෝ ISIS කාරයින්ගේ නිපදවීම් නොවෙයි. ඔවුන් කලේ පොතේ ඇතිදේ පිළිපැදීම පමණයි. එසේ නම් වෙනස් විය යුත්තේ කොතැනද?