IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘වතුකරේ දෙමළ ජනයාගේ සහය රණසිංහ ප්‍රේමදාසගේ උරුමකරුවාටයි’

(ශාන්ත චන්ද්‍රසිරි)
 
මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනයාගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙකුට ලබාදෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා අද(23) පැවැසීය.
 
තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය. 
 
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
 
“අපි දැන් ඊළග ජනාධිපතිවරණය ගැන සිතන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී ආයේ ඉල්ලන්නේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. කඳුකරයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකෙනෙක් පත්කර ගන්න ඕනෑ. 1980 ගණන්වලදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ගැන හිතලා යම් කිසි වැඩක් කළා. ඒක අපි අගය කළ යුතුයි. එතුමා 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය දුන්නා. අද අපි ඡන්දය දෙන්නේ ඒ නිසයි”
 
“වතුකරයේ ජනතාව එතුමා කළ ලද වැඩ අමතක කරන්න හොඳ නැහැ. එතුමාගේ උරුමකරුවෙකු ඉල්ලනවා නම් වතුකරයේ ජනතාව එතුමාට සහයෝගය දෙන්න ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා. එතුමා වගේ ජනාධිපති කෙනෙක් ආයේ මේ රටේ පත්වෙනවානම් ඒ වගේ අයෙකුට සහයෝගය දෙන්න වතුකරයේ ජනතාව සුදානම්” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘වතුකරේ දෙමළ ජනයාගේ සහය රණසිංහ ප්‍රේමදාසගේ උරුමකරුවාටයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site