(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය පස්වරු 6.45 වන විට සම්පුර්ණයෙන්ම වසා දැමිණ.
කාර්යාල නිමවා නිවෙස් බලා යන ජනතාව උදෙසා මහව , ගාල්ල , හලාවත සහ අවිස්සාවේල්ල දක්වා දුම්රියන් කිහිපයක් ධාවනය කෙරුණු අතර එම දුම්රියන් සියල්ලම කොළඹ කොටුවෙන් පිටත් වූ විගස දුම්රිය ස්ථානය වසා දැමිණ.
පොලිස් කැරලි මර්ධන ඒකකයේ සාමාජිකයන් ඇතුළු පොලිස් නිලධාරීන් ද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදවා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකි වූ අතර පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළහි මාතර බලා පිටත් වන බස් රථ සඳහා මගීන් විශාල පිරිසක් පෝලිම් ගැසී සිටින අයුරුද පෙනෙන්නට තිබුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතය ගැන හිතුවොත් හොඳා.
බය වෙන්න එපා තව ටික කාලයයි.
මෙවැනි රටක ඉපදීම පවක්.
හදිසි නීතිය තියෙද්දිත් වැඩ වර්ජන කරනකල් උඩ බලන් ඉන්න පාලකයෝ. හමුදාව දාලා දුම්රිය දුවන්න තිබුනේ.
දැන් ඔය අයිතිවාසිකම් ලබාගන්න මහත්තුරු, තමන්ගේ සේවය හරියට කරනවද? එතකොට මාසෙටම ප්‍රවේශපත්‍ර අරගත්තු මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට වෙන්නේ මොකක්ද? දුම්රිය දෙපාර්තමේන්තුවේ වගේ නිකන් ඉඳලා නෙවෙයි වැඩ කර ගෙදර යන්න ආපු මිනිස්සු? මෙයාලගේ පඩියෙන් ඒ වියදම් ටික දුන්නම් තම හරි. දැන් ආණ්ඩුවට දැනුණද? ඇමති කෝ? එයාලා පාරවල් වහගෙන වෙලාවට සැපට ගෙදර යන්න ඇති. නිවාඩු නිසා කොහේ හරි ගිහින් වෙන්නත් පුළුවන්. ඊයේ හවස ගෙදර යාගන්න කාපු කට්ට? මැච් එක බලන්න මුන් මේක කලේ. කාලකන්නි දෙපාර්තමේන්තුවක්නේ...
මොවුන් හඬ නගන්නේ තමන්ගේ අයිතිවාසිකම්වලට පමණි. යුතුකම් නොදනී. හරියට රේල් පාරක් හදාගන්න දන්නේ නැහැ පීලි පනිනවා. නිකමට ඕමන්තෙන් එහා සහ මන්නාරම රේල් පාරවල් සමග සංසන්දනය කරලා බලන්න බොරුද කියන්නේ කියලා.
අර්ජුන රණතුංග නොවෙයි, රවී කරුණානායක හරි... රන්ජන් රාමනායකට ඔය ඇමති පදවිය දීලා බලන්න. ලස්සනට වැඩ පෙන්වයි.
ලෝකයේ දියුණු රටවල දුම්රිය සේවය පවත් වන්නේ පුද්ගලික ආයතන මගින් ......
උඹලගේ රේල්ලුව සදහටම වහගනිල්ලා.. සදහටම ගෙවල්වලටම වෙලා හිටපල්ලා. මොකද අද අාරංචි වුණා හැම සිකුරාදාම වැඩ කරනවා කියලා.. එ්ක නිසා අපේ වෙන විකල්ප හොයාගන්නම්..
ආයෙත් සෑහෙන කාලෙකට දුම්රිය ධාවනය නතර කර, සියලු දුම්රිය ස්ථාන හා සේවාවන් වසා දමන්න. ලංගම බස් රථ යොදවන්න. හැමදාම මිනිසුන්ට වදදෙනවා නම් මේ වගේ ආයතන අරින්න අවශ්‍ය නැහැ. ඇරියත් දුවන්නේ පාඩු පිටනේ. මේ වෘත්තිය සමිති රාජපක්ෂලාගේ බලල් අත් නිසා ඔවුන් මේ වගේ වැඩ මොනවා දුන්නත් නවත්තන්නෙත් නැහැ.