(එෆ්.අස්ලම්)
යාපනය පේදුරුතුඩුව පාසලක ශිෂ්‍යාවක අපයෝජනය කළ ගුරුවරයෙකු පිළිබඳ පැමිණිල්ලක් යටගැසීමට උත්සාහ කළේ කියන විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන ලේකම් සී.සත්‍යසීලන් මහතා වෙත නියෝග කර ඇත.
චෝදනා එල්ල වන ගුරුවරයාගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගෙන තිබේ.
පාසලේ ඉගෙනුම ලබන තම දියණියව එහි ගුරුවරයෙකු අපයෝජනය කර ඇති බව ඇගේ දෙමාපියන් විසින් විද්‍යාලයේ විදුහල්පතිවරයාට දන්වා තිබුණද, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් නොකර සිද්ධිය යටගැසීමට විදුහල්පතිවරයා උත්සාහ දරා තිබිණි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මහජන ගැටළු විසඳීමේ විශේෂ කාර්යාංශය වෙත දෙමාපියන් පැමිණිලි කර ඇති අතර එම කාර්යංශය කළ මූලික විමර්ශනයේදී විදුහල්පතිවරයා එම සිද්ධිය සැඟවීමට උත්සහා දරා ඇති බව අනාවරණය වී තිබිණි.
මේ අනුව මෙම විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට ද සිද්ධියට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙසටද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන ලේකම්වරයාට කඩිනමින් නියෝගයක් නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවය අත් හිටුවලා මදි. එම නොමනා ක්‍රියාව කිරීමට ආධාර හා අනුබල කිරීමක් ලෙස සලකා විදුහල්පතිවද දැඩි දඬුවමට ලක් කළ යුතුවේ.
අන්න නියම නායකකම.., දෙමළ මිනිස්සු එහෙමයි.
පාසැලේ නම අපකීර්තියට පත්වීම වැලැක්වීමට එහෙම කරන්න ඇති. බොහෝවිට මෙරටේ පාසැල්වල එහෙම අවස්ථා තියෙනවා. සමහරක් අයගේ දැරියට /දරුවාට වඩා පාසැලේ නම වටිනවා.
වැරදි කාරයින්ට ඉක්මනින් දඬුවම් නොදීම තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්නේ...