(රංජන් කස්තුරි)
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.
තවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ඉදිරියේදී සාක්කි ලබා ගැනීම සඳහා කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තිබෙන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ප්රජාතන්ත්රවාදී සහ නීතිගරුක ක්‍රියාවන් ලෝකයේ දියුණු රටවල් නිරතුරුව දක්නට ලැබේ. අනෙක රටේ සියලු දෙනාම නීතියට යටත් විය යුතුය.
අන්න එහෙම කරන්න ඕනේ ආරක්ෂාවට වගකියන්න ඕනේ ලොක්කෝ අතහැරලා පාරේ ඉන්න පොලිස්කාරයන් ඕකට ගෙනාවට වැඩක් නැහැ.
මේ දෙපළ කියන දේවල් සජීවී ලෙස විකාශනය කලොත් එය මුළුමහත් ලෝකයේ පැවත්මටම සෙතක්වේ. දැනට ලැබුණු, ප්‍රසිද්ධ කල සාක්ෂි අනුව දෙදෙනාටම එකම ප්‍රශ්න වේලපහින් යවලා බලන්න ඇත්ත නැත්ත කව්දෝ කියන්නේ කියලා.
මෙය ස්වාධීන කොමිටියක් නොවේ...
අගමැතිතුමාට, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාට නම් මට කිසිදු තොරතුරුක් අවේ නෑ..ආරක්ෂක කවුන්සලයට එන්න කිව්වෙත් නෑ කියන්න පුළුවනි. එන්න එන එක ජනපති වැලැක්වු බව කිව හැකියි. හැබැයි..ජනපති මොනවා කියන්නද,,.?
දැන් පිටපත පාඩම් කරනව ඇති දෙගොල්ලම . අන්න ඒකයි අපේ රටේ වෙනස
වැටත් නියරත් ගොයම් කානම් ....ජනාධිපතිගෙයි අගමැතිගෙයි හෙන්චලා ඉන්න කාරක සභාව ගැන මොන විශ්වාසයක්ද...?ඇරත් ඔය කාරක සභාවේ කි දෙනෙකුට චෝදනා තියන අයද..ඇප පිට ඉන්න අයත්....?
බොරු සංදර්ශන විතරයි. අන්තිමේට වෙච්ච දෙයක් නැ ...... මිනිස්සු නම් රැවටිලා ලබන පාරත් ඡන්දේ දෙයි....
ජනාධිපති අගමැතිගේ වැරදි කියනවා... අගමැති ජනාධිපතිගේ වැරදි කියනවා...
විමසීම් සියල්ල මාධ්‍ය ආවරණය කළ යුතුයි. හේතුව, මොවුන්ගේ ක්‍රියාකලාපයන් මහජනතාවට විවෘත විය යුතු නිසා. ජනපති විසින් කළ හා නොකළ සියල්ල, එතුමාගේ ධුර කාලය තුළ, රටේ නීතිය අනුව අභියෝගයට ලක් කළ නොහැකියි. එනිසා ඒ සියල්ල අඩුතරමින් පුරවැසියන්ට විවෘත විය යුතුය.
ඕක තමයි නියම ප්රජාතන්ත්රවාදය මේක කවුරු හරි නතර කරන්න හැදුවත් එයා රටට ද්‍රෝහියෙක්
ජනපති, අගමැති වැරදි කරලා නැත්නම් ජනතාවගේ ආධිපත්‍යයට හිස නමනවා නම් අනිවාර්යයෙන්ම නොපැකිළව මෙම කොමිසම ඉදිරියට ඇවිත් උත්තර දෙන්න ඕනේ..
අැයි මේ කාරක සභාවට හරීන් ඇමතිතුමා සහ ඔහුගේ පියා කැඳවන්නේ නැත්තේ? ඒ ගොල්ලොත් මේක දැනගෙන හිටියනේ..!