(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බව කී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුන් හම්බ කරගෙන ඇතැයි ද සඳහන් කළේය.
පක්ෂ කරේ දමාගෙන හෝ නායකයින් වර්ණනා කරමින් තමා කටයුතු කරන්නේ නැතැයි ද කී ඇමතිවරයා මොන විරෝධතා පැමිණියත් කිව යුතු දේ ඍජුව ප්‍රකාශ කරමින් රට ආරක්ෂා කරගැනීමත්, බඩගින්නේ සිටින ජනතාව ඉන් මුදාගැනීමත් තම මූලික පරමාර්ථය බව ද ප්‍රකාශ කළේය.
දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජනප්‍රිය අමාත්‍යවරුන්ට විවිධ චෝදනා නැගූ වෛද්‍ය සංගමය ඉදිරි මහ මැතිවරණයේ දී වෛද්‍යවරුන් 07 දෙනෙකු ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම ඇතුළු වෙනත් රජයන්ට වැඩි සේවාවක් වත්මන් රජය කළ බව හා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමා කළ මෙහෙවර බොහෝ දෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ටොම් පචයක් ..මෙහෙම බොරු කියන්න නැමෙන දිවක් කොහෙවත් නැහැ.
ඔබතුමා දවල් හීනයක්වත් දැක්කද?
එන්න එන්න... ඔය වර්ගයේ ජනාධිපති කෙනෙක් විතරයි රටේ හිටියේ නැත්තේ...සල්ලි නැතිනම් අර ගම්මන්පිල උන්නැහේගෙන් අහගන්න සල්ලි හොයාගන්න විදිහ කියලා දේවි..
ඕක කියන්න ඇත්තේ ගෑස් කාරයන් තමයි.
මේ වගේ බොරුකාර පරයන් තවත් ලෝකේ කොතනකවත් නැතිව ඇති.... වරෙව් වරෙව් සියලුම හරකුන් එනතෙක් අහිංසක බදු ගෙවන ජනතාව මග බලා ඉන්නේ ආදරයෙන් සාදරයෙන් පිළිගන්න.
පව් අසරණ ජීවියා...!!!
ඔබට විතරක් නොවේ, දඹානේ වැද්දන්ටත් අරාධනා ඇවිත් තිබෙනවා... තරග කරන්නට...!
තමන් තමන්ටම චරිත සහතික දෙන ක්‍රමයක් අපි මීට පෙර නම් අසා නැත. ඒත් අර හාමුදුරුවන් ඡන්දෙනුත් තමන්ගේ පවුලේ ඡන්දෙනුත් ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියා දේශපාලනයේ කරවෙච්ච ඇමතියෙක්... සිතනවා නම් නිදහස් පුද්ගලයෙක් හැටියට ජනාධිපතිවරණයට එන්න. හැබැයි අපි නම් වැරදිලාවත් ඡන්දය දෙන්නේ නැත.
අනේ එන්න එන්න... අර වැදී නායකයත් කියලා තිබුනනේ ඔහුටත් ඇරයුමක් තිබෙනවා කියලා, එකක් කියන්න පුළුවන් අනිවාර්යයෙන් වැදීනායක තුමා ඔබට වැඩිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා..
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්ට පුළුවන් කීව රටේ...
කියපු මහනායක කව්ද? නම කියනවද?
ඔයාට වඩා හොදයි අපේ දඹානේ වැදී නායකයා...
ඇත්ත වශයෙන්ම මේ වගේ අයත් තරඟ කල යුතුයි. එතකොට රටටම බලාගන්න පුලුවන් හම්බ කරපු මිනිස්සු ගණන.
ශාපිගෙන්, හිස්බුල්ලාගෙන් සහ බදුර්දීන්ගෙන් අතමාරුවක් ගන්න බැරිද ඡන්දෙට.
භික්ෂූන් වහන්සේ නමකගෙන්ද, එහෙමත් නැතිනම් පන්දම් අල්ලන චීවර ධාරියකුගෙන්ද?
අපේ ගමේ පොල් කඩන මනුස්සයා ඊට වඩා ලක්ෂ කෝටිගාණක් හොඳයි. සුදුසුයි... අවංකයි.
හම්බකරන් තියෙන තරම එන්නකෝ පෙන්නන ඔය හම්බකරන් තියෙන ප්‍රමාණය.....
ඔය මතුවෙන්නේ ජන්මානුගතික ලක්ෂණ. පුතත් පහුගිය ටිකේ කිය කියා ගියානේද මෙරට පැරණි දේශපාලකයින් ප්‍රසිද්ධ පුද්ගලයින් එයා ලඟින් ඇසුරු කරලා තියනවා කියලා. ඕනෙම දෙයක් දන්නවා කියලා හේම. එයා නවත්වලා ? මෙයා පටන් අරන්.
ඇමතිතුමනි, අදහස් පලකිරීම් අනුව පේනවා සිංහලයින්ට යමක් මතක තියෙන්නේ දින හතයි කියා ප්රභාකරන් කිව්ව කථාව සත්‍යබව
ආරාධනය එන්න ඇත්තේ අංගොඩින්!
පිස්සොන්ට ආයේ මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ මහත්තයෝ.
වැදි නායකයා ඡන්දෙට අාවොත් මගේ ඡන්දෙ වැදි නායකයාට..
අපේ රට වේගයෙන් විනාශ වේගෙන යනවා. ඒ වේගය 10ගුණයකින් වැඩි කරන්න තමයි මෙයා ප්ලෑන් කරන්නේ. කොහොමත් ඡන්දෙ ලැබෙන්නේ නැහැ. ඉල්ලන්න හිතපු එක ගැනත් ලැජ්ජා වෙන්න ඕනේ..
සල්ලි නැත්නම් තියෙන හැටියකට හරි ජනාධිපති වරණයට තරඟ කරන්න කියලා ආරාධනා කලේ ඇයි? කියලා මේ හාදයට තේරිලා නෑ. එහෙම තරඟෙට ආවහම තියෙන සල්ලි ටිකටත් තට්ටුවෙන බව දැනගෙන ඒ සල්ලි ටික නැතිකරලා දාන්නයි, කොමිස් කුට්ටි එහෙම එලියට අද්දවන්නයි තමයි උන්වහන්සේ එහෙම යෝජනාවක් කරලා තියෙන්නේ... මෙයා හිතන්නේ ආදරේට කියලා...
විහිළු කරන ඒකෙත් සීමාවක් තියෙන්න ඒපා අප්පා.....
අනේ (ප)රාජිත පුළුන්නම් දඹානේ වැදි නායකතුමා එක්ක තරග කරලා දිනලා පෙන්වන්න.
ඒ හාමුදුරුවෝ රෑට දානේ වළඳන කෙනෙක් වෙන්නැති
මන්ද පෝෂණය නිසා මියගිය මාස 11ක් වයසැති බිලිඳකු සම්බන්ධ හද පාරවන ශෝකී පුවතක්
එක අතක හොඳයි එහෙම උනොත්, මොකද එතකොට සිංහල ඡන්ද කැඩෙන්නේ නැති වෙයි....
ජයවේවා ! අපේ ඡන්ද ඔබටයි. අපි දන්තයට ! දන්තය අපිට !
විහිලු කතා කියන්න එපා ඇමැති තුමා.
ජනාධිපතිවරණයට නෙවෙයි මනුස්සයෝ ඔය දේශපාලන හයිය නැතිව , ආරක්ෂක වළල්ලක් නැතිව පාරෙ බැහැලා යන්න පුලුවන් ද කියලා හිතන එක හොඳා. ඒ තරම්ම තමුන්නැහේ ජනතාවට අප්පිරියයි .
පහුගිය දවසක මීගමුවේ පැත්තේ ජනතාවත් මෙයාට ආරධනා කරනවා අපි දැක්කා.
පිස්සෙක් කියන දේවල් කව්ද ගණන් ගන්නේ. මේ වගේ එවුන්ව දිරච්ච ගස් කොටන් වලින් ඕන තරම් කපා ගන්න පුළුවන්. මට නම් මතක් වෙන්නෙම මිස්ටර් බීන්ගේ කතා මයි. නැත්තන් අර කතාවක් තියෙන්නේ හඳයා කියල ගොන් වස්සෙකුගේ අන්න ඒ කතාවමයි.
මටනම් දෙකොනේම්ම හිනා හිනා
නියමයි අපි එකෙන්ම නෙමේ දෙකෙන්ම කැමති. ඔය නාගාලන්දද පගාලන්දද කියන අය වගේ නෙමේ මෙන්න පොරවල්.
හාහ් හාහ් හාඃ බඩ දනවා
සල්ලි වීසි කළොත් ඕනෑතරම් දැන්වීම් පල කරගන්න පුළුවන්නේ... අර හාමුදුරු තැන මේ වගේ දේවල් කියවන්නේ එක්කෝ වාසනාවක් පහළ වෙලා නැත්නම් මානසික ව්‍යාධියක් තියනවද දන්නේ නැහැ..
සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමාකළ මෙහෙවර බොහෝදෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බවද කීවේය. එච්චර හොඳ පහසුකම් තියෙන නිසා වෙන්න ඇති.... අර කිරින්දේ මුහුදේ ගිලුණු කාන්තාව අම්පාර රෝහල දක්වා අරගෙන ගියේ... ඒ ආසන්න රෝහල්වල සේවකයෝ නිවුස් වලට කීව තියෙන පහසුකම් ගැන... ඉල්ලන්න මහත්තයෝ එ්ක හොඳයි අපිටත් ඕනෑ කොහොමහරි අතුගාලා දාන්න තමයි..
අනේ පව් ඉල්ලන්න තිබුනේ තමන්ගේ තරම දැනගන්න.. ඔය කියන උන්නාන්සේට ටැපලුණා වත්ද?
මෙයාගේ මොලේ කොලොප්පන්. මේකට පවුලේ අයගේ ඡන්දෙ තමියි ඉතින් හම්බ වුනොත්... ලංකාවෙන්ම ඡන්ද 20ක් විතර අරගෙන ලෝක වාර්තාවක් තියන්න පුළුවන්... පිස්සු. කවුද යකෝ මේ පොරට ඡන්දෙ දෙන්නේ..?
කියමනක් තියනවා "තාත්තා කළ දේ පුතා නොකළොත් එයා නොට්ටිගේ පුතාය" කියලා. පුතා කළදේ තාත්තා කළොත්?
මෙයාට වඩා හොඳයි වැදි නායකයා...
ඇත්තටම මෙයා හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව කන්නේ තණකොලයි බොන්නේ පුන්නක්කුයි කියලද? සල්ලි නැතිකතාව තමයි ලස්සනම අයිසින් ටික... නැව් ගත්තේ මැණික් මල්ලක් කවුරු හරි ගෙනත් දීලා කියලද කියන්නේ?
මේ ළඟදී බයිපාස් එකක් කළානේ... මට හිතෙන්නේ දොස්තරලා වයර් මාරු කරලා නැවත හයි කරන්න ඇති...!!