IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක්

(දයාරත්න ඇඹෝගම) 
 

රටේ සියලු දෙනා ධාර්මිකව කටයුතු කරන තාක් කල් මේ රට ජාතිය සතුරු උවදුරුවලින් විපත්වලින් බේරා ගැනීමට හැකිවනු ඇතැයි රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝ කීහ.
 
රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී රටට ජාතියට සෙත් මහා සංඝරත්නය පන්සිය නමකගේ සහභාගිත් වයෙන්   පැවති පිරිත් දේශනයේදි අනුශාසනාව සිදු කරමින් ඒ හිමියෝ එසේ පැවසූහ.
 
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදුවිය.



අදහස් (8)

රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක්

Chanak los angeles Sunday, 23 June 2019 06:57 PM

ධාර්මිකව කටයුතු කරන්න නම් තමා විසින්ම සම්මා සතියේ සම්මා සමාධියේ ගුණාංගයන්හි පිහිටා සිටින්න ඕනේ .. කව්රුවත් කොතන සිටිමින් කොහොම සෙත් පැතුවත් එම සෙත්වලින් කෙලෙස් මල පුද්ගලයා ධාර්මික වෙන්නේ නැත. එම සති සම්බොජ්ජංග ශීලයේ පිහිටා නොසිටින තුරාවට... නමුත් එක්දෙයක් තිබෙනවා පුද්ගලයෙකුට ධාර්මික වීමට පෙර කුසල් අකුසල් බොහෝසේ උපකාර වෙනවා. මිනී මරුවෙකු වුවත් අංගුලිමාල රහත් ඵලයට පත්වුණේ ඊට කුසල් සම්පාදනය වී තිබුණු හෙයිනි ..

:       39       59

du Monday, 24 June 2019 01:49 AM

රටේ සියලු භික්ෂූන් වහන්සේලා සහ මහජනයා එක්වී රුවන්මැලි සෑ අභියස අධිෂ්ඨාන පුජාවක් කරමු. සියලු දුර්දාන්තයන් දුරුවී ගුණගරුක නුවණැති පාලකයෝ බිහිවේවා කියා...

:       138       115

rasika Monday, 24 June 2019 02:37 PM

මුළුමහත් විශ්වයේම බලගතුම ස්ථානය තමයි මෙතන... මහා සෑරදුන් අභියස ඉඳන් කරන මේ පින්කම් මහත් ඵලමහත් ආනිශංස වේවි... ඒ වගේම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මේ සඳහා සහභාගි වීම ඉතා වැදගත්... මුළු විශ්වයේම වැඩිම බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩ වාසය කරන්නේ මෙතන. දෙවිවරුන් ධාතුන්වහන්සේලා වන්දනා මාන කරන්න නිතර පැමිණෙනවා. බුදු ගුණ සජ්ජායනා කිරීම ඉතා වැදගත්.. රටට යහපතක්ම වේවා..!!!

:       253       413

chaminda Monday, 24 June 2019 03:58 PM

නියම පාලකයන් පත් නොකර, මොන පූජා තියලත් වැඩක් නැත.

:       22       91

පෙත්ත ගැනීමට අමතක වූ මෙත්තපාල Tuesday, 25 June 2019 08:19 AM

ඇති යාන්තන්! මේක දැක්කම සාදු සාදු කියන්නෙ නැතුව මොලේ තියන මිනිස්සු ටිකකුත් අදහස් දක්වලා තියනවා

:       0       31

lanka Tuesday, 25 June 2019 09:48 AM

රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන තුරු රට වෙනස් වන්නේ නැහැ.

:       0       7

ravi Wednesday, 26 June 2019 09:22 AM

අවුරුදු 2563ක බෞද්ධ ඉතිහාසයක් තියන රටක්.. එ්ත් අද වෙනකන් සිදුවෙලා ඇති සෙතක්..ශාන්තියක් නැහැ ..! අපි මිථ්‍යාවෙන් වැළකිය යුතුයි"

:       0       35

menna Wednesday, 26 June 2019 02:36 PM

ලංකාවට ප්‍රශ්න නැත. දියුණුයි කියන රටවල්වලට මෙහෙම එක්රැස් වෙලා සෙත් පතන්න තරම් මිනිසුන්ට වෙලාවක් නැත... ඒ විදියට බැලුවම ලංකාවද දියුණු..? දියුණුයි කියන රටවල්ද දියුණු කියලා හිතෙනවා.

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site