(එෆ්.අස්ලම්)
අධීක්ෂණ රාජකාරි සඳහා බදුල්ල ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයට පැමිණ ඇති බදුල්ල අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලයේ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු තොගයක් රැගෙන ගොස් තිබේ.
බදුල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂවරියකගේ අනුදැනුම මත විද්‍යාලයේ විදුහල්පතිවරියගේ කාර්යාලයට ඇතුළු වී තමාගේ අනුදැනුමකින් තොරව මෙකී ලිපිලේඛන රැගෙන ගොස් ඇති බවට එම විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
පසුගිය 13 වැනිදා බදුල්ල කලාපයේ නිලධාරීන් පිරිසක් විද්‍යාලයේ බාහිර අධීක්ෂණ කටයුතු සඳහා පැමිණ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමාලෝචන රැස්වීමට කැඳවූ අවස්ථාවේදී මෙම ලිපිගොනු සොරාගෙන ඇත.
පසුදින 14 වැනිදා ලිපිගොනු අස්ථානගත වී ඇති බව සැලවීමෙන් පසු විදුහල්පතිනිය කාර්යාලයේ සිටි අනධ්‍යන සේවකයකුගෙන් විමසා ඇති අවස්ථාවේදී අධ්‍යාපන කලාපයේ නිලධාරියකු මැඩම් ගේන්න කීවා යැයි කියමින් ලිපිගොනුව රැගෙන ගිය බව පවසා තිබේ.
ඒ අනුව විදුහල්පතිනිය බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා දැනුවත් කර ඇති විදුහල්පතිනිය මේ පිළිබඳ පාසල් සංවර්ධන සමිතිය ද කැඳවා අවධාරණය කර ඇත.
ඌව පළාතේ එකම මුස්ලිම් කාන්තා විද්‍යාලය වන මෙම විද්‍යාලයට යම් හිරිහැරයක් සිදුකිරීමේ අරමුණින් මෙම ලිපිගොනු සොරාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරමින් අදාළ පියවර ගතයුතු බවත් පාසල් සංවර්ධන සමිතිය ද අවධාරණය කර සිටින අතර එම ඉල්ලීම ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාට ද යොමුකර ඇත්තේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරාගෙන වෙන්නේ කොහොමද දන්නවනේ ගත්ත අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කියල, අධ්‍යාපන අමාත්‍යංශයට ඇති බලතල පාවිච්චි කරලා තමයි ගෙනියන්න ඇත්තේ , අනික ජනතා බදුමුදලින් නඩත්තුවෙන රජයේ විද්‍යාලයක කොහොමද විදුහලේ පෞද්ගලික ලිපිගොනු තියෙන්නේ මේ කතාව ජාතිය පාවිච්චිකරලා වෙනත්ම පැත්තකට ගෙනියන්න හදනබව පේනවා, රජයේ නිලධාරීන්ට අපක්ෂපාතිව චක්‍රලේඛයක් හදන්නත් බැරි විදියට ජාතිවාදය ඔඩු දුවල ඇතිබව අපි දැක්ක
ලිපි ගොනු ගෙනිහින් තියෙන්නේ ජොලියට නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒවගෙ ඇත්තේ නීති විරෝධී දේවල්. අපි බලමු ඒ ගැන දැනගන්න පුලුවන් වෙයිද කියලා...
සියලු මුස්ලිම් පාසල් තහනම් කළ යුතුයි. මුස්ලිම් ආගම පාසල්වල ඉගැන්වීම තහනම් කළ යුතුයි. රටේ සියලු සිසුන්ට බුද්ධ ධර්මය ඉගැන්විය යුතුයි.
බලෙන් අරගෙන යන්න කරාබු කුට්ටමක් වගේ දෙයක්ද මන්දා? මෙම පුවත කියවීමේදී හරියට ඒ පැමිණි නිලධාරීන් සියලුම ලිපි ගොනු හොරා ගෙන පලා ගිහින් වගේ.. මෙයා හරියට විගණක නිලධාරින්ට ආයතනයකට එනවිට ඒමට ප්‍රථම දැන්වීමක් කර පැමිණෙන්න කිව්වා හා සමාන නොවේද?
බාහිර පරීක්ෂණ සඳහා පැමිණි කට්ටිය හරියටම කොහොමද දන්නේ ඔය ලියකියවිලි ගැන? පුද්ගලික ලිපිගොනුවක් නම් ඇයි පාසල තුළ තිබුනේ? මොකක් හරි හොරයක් තියෙන්න ඕනේ නේද? බොරු පැමිණිල්ලක් දාලා හොරේ අහුවෙයි කියලා. අර පහුගිය ටිකේ පුත්තලම පැත්තෙයි තව කොහේ හරි තිබුණා නේද? හොරට අ.පො.ස ලියන්න රෙජිස්ටර් හදලා කියලා. ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉමු.
පාසැලකට අභ්‍යන්තර ලිපි ගොනු කියලා දෙයක් තියෙන්න පුළුවන්ද...? පළමුව කියන්න මේක පෞද්ගලික පාසැලක්ද.. රජයේ පාසැලක්ද කියලා..? මොනව වුණත් රහස් ලියවිලි කියලා ජාතියක් දරුවන් අධ්‍යාපනය ලබන පාසැලක තියෙන්න බෑ..