සමන් පාලිත නානයක්කාර
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල් ඉන්දික ජයසිංහ ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති වෙලේකුඹුර මහතා අද (21) නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 ක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (21) උදෑසන ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd