රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල්ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
ආයුර්වේදයට මුවා වී කසිප්පු විකිණූ ත්‍රිරොද රියැදුරා මාට්ටු වේදනා නාශක ආයුර්වේද දියර බෝතල් වශයෙන් හඳුන්වා දෙමින් සංචරණ සීමා සමයේ නීති විරෝධී මත්පැන් විකුණූ ත්රිරෝදරථ රියදුරෙකු වත්තල දී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි. 20 June 2021
පාසල් විවෘත කිරීම පිළිබඳ කමිටු වාර්තාව ළඟදීම ජනපතිට පාසල් හා පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ළමා රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වෙච්ඡා කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරියේදී බාරදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 20 June 2021
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21)උදේ 9.30ට පැවැත්වේ. 20 June 2021
දිඹුලාගල දරුවෝ ඔන්ලයින් කරන්න මහා වන මැද අවදානම් ගමනක වල්අලින්ගේ දැඩි තර්ජන ඇති ප්‍රදේශ හරහා විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල කන්ද තරණය කර ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට තම දරුවනට සිදුව ඇතැයි දිඹුලාගල වෙහෙරගම ගම්මානයේ අපට හමුවිය. 20 June 2021
විදුලි රැහැනෙන් ආ මාරයා මවත් පුතාත් බිලි ගනී තම ගොවිබිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැනූ පැලට ඇද තිබූ විදුලි රැහැනක් ඇඟමතට කඩා වැටීමෙන් මවක සහ පුතතු මරණයට පත්ව ඇතැයි හබරණ පොලිසිය කියයි. 20 June 2021
ගාල්ලේ එන්නත් සිද්ධියේ අතර මැදියාගේ බැංකු ගිණුම් පරික්ෂාවට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි පසුගිය 5 වැනි දින සහ 7වැනි දින පිට පළාත්වලින් පැමිණි පිරිසකට ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිමේදී අතර මැදියකු ලෙස කටයුතු කළ බව කියන ගාල්ල කොටුවේ පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරිමට ද ඔහුගේ ජංගම දුරකතන වාර්තා ලබා ගැනිමට ද ගාල්ල ප්‍රධාන මහේස්ත්රාත්හර්ෂණ කැකුණවෙල මහතා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග ලබා දුන්නේය 20 June 2021
මඩකළපුව වෙරළටත් මියගිය මුහුදු සතුන්ගේ සිරුරු ගොඩ ගසයි මඩකළපුව කාත්තන්කුඩි කිරන්කුලම් වෙරළට මියගිය කැස්බෑවන් තිදෙනකුගේ සහ ඩොල්පින් වර්ගයේ මාළුවකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව වනජීවි නිලධාරි කාර්යාලය කියයි. 20 June 2021
මන්නාරමටත් තල්මසකුගේ පිළිස්සුණු සිරුරක් ගොඩ ගසයි පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසකුගේ මළ සිරුරක් මන්නාරම මුසලී කරඩික්කුලි මුහුදු වෙරළට ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයෝ පවසති. 20 June 2021
සංචරණය ඉවත් කරද්දී දුම්රිය දුවන්නේ මෙහෙමයි සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු හෙට (21) සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා පළාත් අතර පමණක් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 20 June 2021
රාජාංගනයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක 60කට කොරෝනා රාජාංගණය,27 හන්දිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලක සේවක,සේවිකාවන් 650 දෙනකු අතරින් හැට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි. 20 June 2021
කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ් ද? මාස්ක් එකක් වෙනුවට ෆේස් ෂීල්ඩ් එකක් පමණක් පැළඳීම කොරෝනා වසංගතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුලින්ම කිව යුතුයි. 20 June 2021
සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ . 20 June 2021
මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 20 June 2021
කොවිෂීල් එන්නත ගත් කුරුණෑගල නගර සභා පිරිසකට කොරෝනා කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ. 20 June 2021
ක්‍රීඩා අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩියක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ. 20 June 2021
පාර්ලිමේන්තු යන හේතු දෙකක් රනිල් හෙලි කරයි පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළේ අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 20 June 2021
කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි සත්ත්ව අහාර බව පවසමින් ඉරානයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයකට පාලවිය ගබඩාවකින් සොයාගත් බව කල්පිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 19 June 2021
ඉදිකිරීම් ආයතනයක කළමනාකරු කුඩු සමග මාට්ටු හමුදා සේවයෙන් ඉවත්වී පෞද්ගලික ඉදි කිරිම් ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරමින් හෙරෝයින් මත්කුඩු ජාවාරමක් කළ බව කියන පුද්ගලයකු මත්කුඩු තොගයක් රැගෙන යමින් සිටිය දි අද පස්වරුවේ සුඛෝපභෝගි මෝටර් රථයක් සමග අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 19 June 2021
දින 18ක බිළිඳකු කොරෝනාවට බිලි මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 19 June 2021
පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක් ගස් හෙලීම පාලනය කිරීමේ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොල් ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 June 2021
වත්තල යකඩ කර්මාන්ත ශාලාවක 128කට කොරෝනා වත්තල හේකිත්ත ප්‍රදේශයේ ඇති මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකට සිදු කළ රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකින් 128 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇතැයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසීය. 19 June 2021
‘‘පොස්පේට් සමාගම ලාභ ලබන තත්වයට ගෙනාවේ මම‘‘ වසර ගණනක් තිස්සේ පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම යළිත් ලාභ ලබන තත්වයට ගෙන ඒමට තම අමාත්‍යාංශය යටතේ හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 19 June 2021
කොරෝනා මරණ 2500 සිමාව පසු කරයි කොවිඩ් ආසාදිතවූ තවත් 54 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 June 2021
උප පොලිස් පරික්ෂක ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර රුපියල් කෝටි 51ක් පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 728ක් තම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා වැඩි දුර පරික්ෂණ පැවැත්විම සඳහා 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(19) සවස පොලිසියට අවසර ලබා දුන්නේය. 19 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,420ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,420 දෙනකු අද (19) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 June 2021
කෝටි විසි දාහක පරිපූරක ඇස්තමේන්තුවක් 22දා මැති සබයට කොරෝනා පාලන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසිදාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය . 19 June 2021
හමුදා මේජර් පැදවූ මෝටර් රිය පොලිස් මාර්ග බාධකයක ගැටේ යුද හමුදා මේජර්වරයකු පැදවූ මෝටර්යක් බණ්ඩාරගම බොල්ගොඩ පොලිස් මාර්ග බාධකයට අද(19) දහවල් කඩා වැදීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි 19 June 2021
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්වැව කෝන්ගස්හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අද(19) දහවල් විදුලිසැර වැදීමකින් මියගොස් ඇති බවට ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සාලියවැව පොලීසිය කියයි. 19 June 2021
තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය. 19 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026