IMG-LOGO

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

( ජයරත්න වික්‍රමාරච්චි)

සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්වැව කෝන්ගස්හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අද(19) දහවල් විදුලිසැර වැදීමකින් මියගොස් ඇති බවට ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි  සාලියවැව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ කුඹුක්වැව කෝන්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සංජීව රත්නායක (44) නම් වූ තිදරු පියෙකු බවත් පොලීසිය පවසයි.

මොහු සිය නිවසේදී ග්‍රයින්ඩරයක්  මඟින් පිහියක් ගෑමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවට එම විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය කියයි.

මෙහිදී අනතුරට ලක්වූ අයව ඉහළපුලියන්කුලම අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බවත් එම විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරයි.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.



අදහස් (0)

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site