සිනී ගන්න සතොසෙ පෝලිම් සතොස හා සමුපකාර අලෙවිසැල් වල අද (31 ) සිට ලබා දෙන දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට ලබා ගැනීම සදහා මාලිගාවත්ත සතොස වෙළදසැල් ඉදිරිපිට පැමිණි ජනතාව පෝලිමේ රැදී සිටි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි. 31 August 2021
‘යහපාලනයෙන් ගත් තීරණ ක්‍රියාත්මක කළා නම් ගුරු වැටුප් ප්‍රශ්න නෑ ‘ ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩක් ලැබුණා නම් වත්මන් ප්රශ්නය උද්ගත වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 August 2021
පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත. 31 August 2021
ගුරු වැටුප් විෂමතා ගැටළුව විසඳන්න විශේෂ කාරක සභාවක් ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කාරක සභාවක් හරහා ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 31 August 2021
අසාද් සාලි යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (31) නියෝග කළාය. 31 August 2021
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් අවසන් ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ තලේබාන් සංවිධානය ජය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 31 August 2021
ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන් ෆර්නෑන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, ඊට අදාලව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 31 August 2021
අධ්‍යාපනයට සහය වෙන්නැයි ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ගුරුවරුන්ගේ වැටුප් ගැටලු සොයා බැලූ කැබිනට් අනු කමිටුව සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (31) ගුරුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය 31 August 2021
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය. 31 August 2021
මහජන ආධාර දීමනා ගෙවීම් හෙට සිට අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් හෙට (01) සහ අනිද්දා (02 )යන දෙදින ලබාදෙන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 August 2021
වසර 10කට පසු රතුදත්ත පොත සැකසෙයි ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව තොරතුරු ඇතුළත් රතු දත්ත පොත වසර 10කට පසුව සංස්කරණය කර සකස් කිරීම පරිසර අමාත්‍යාංශය මගින් මේ වනවිට අවසන් කර ඇත. 31 August 2021
සුවය ලබූ ජිප්සිස් නායකයා රෝහලෙන් පිටව යයි කොවිඩ් ආසාදනයවීමෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවෙසට පැමිණ ඇතැයි වාර්තා වෙයි. 31 August 2021
පොඩි මිනිහාගේ දුක විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට තේරෙන්නේ නැහැ ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ අමාරුකම මාසේ පඩිය ගන්නා විපක්ෂයේ නායකයන්ට මෙන්ම ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන්ට තේරෙන්නේ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. 31 August 2021
සීනි මිල යන විට නිහඩ වන ආණ්ඩුවකින් තවත් කුමන සහනද සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු විය හැකිදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. 31 August 2021
අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ’’’’සමයං ’’ නැමැත්තාගේ සමීපතමයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩු දෙකක් අද 31) දා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 31 August 2021
හරක් ප්‍රශ්නයක් බේරන්න ගිය විවාහකයා මරුට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ආරවුල විසැඳීමට මැදිහත් වූ පුද්ගලයකුට තියුණු ආයුධ පහරක් වැදීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට වරාය පොලීසිය කියයි. 31 August 2021
’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’ ලෝකයේ රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන් අඩුකර ගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් යැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 31 August 2021
නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට කොටගල කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 31 August 2021
මව්බිම රනින් සැරසූ දිනේෂ් ගේ බිරිය කියන කතාව මගේ මහත්තයා රන්පදක්කමක් දිනලා රටට ගෞරවය ගෙනාව කියලා අහන කොට මට හිතට දැනුනේ මහ පුදුම සතුටක්. ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට ගියේ රන් පදක්කම දිනනවා කියලම යැයි ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වූ රන්පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් ඉපලෝගම කාගම 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියශාන්ත මහතා ගේ බිරිස වන ඉසිංකා මධුවන්ති මහත්මිය පැවසුවාය. 31 August 2021
නිරෝධායන ඇඳිරිය කැඩූ පොලිස් සැරයන් අල්ලයි නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුව අත් අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි. 31 August 2021
කතානායක සූම්වලින් අද චීනය අමතයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය. 31 August 2021
අප්‍රිකාවේ කොරෝනා මාරයා ලංකාවට රිංගලා දැයි සොයන්න පරීක්ෂණ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 31 August 2021
ස්පුට්නික් මාත්‍රා 15,000ක් කටුනායකට රුසියාවේ නිෂ්පාදිත’’ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට, එම එන්නත් මාත්‍රා 15,000 ක් අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 31 August 2021
ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසය. 31 August 2021
බූරු ගැසූ පහක් මිල්ලනියෙන් අල්ලයි බන්ඩාරගම මිල්ලනිය කෙලෙස්ගමුව ප්‍රදේශයේදී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් පස්දෙනකු මුදල් සමග අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි 31 August 2021
ව්‍යාජ නෝට්ටු 602ක් සමග තුනක් මාට්ටු රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 602 ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු සීදූව ලියනගේමුල්ල දී සහ වීරගුල අංගම්පිටිය යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පවසයි. 31 August 2021
පළාත් හතරකට වැසි:පළාත් පහකට වැස්ස නෑ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (31) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2021
මත්කුඩු කිලෝ 290 සමග පහක් පොලිස් දැලේ හොරොයින් කිලෝ 290 ක තොගයක් ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද (31) අලුයම බේරුවලට ආසනන ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 August 2021
මූල්‍ය අර්බුදය හමුවේ රජය වියදම් සීමා කරයි රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත. 30 August 2021
ගුරු - විදුහල්පති වැටුප් යෝජනා අයවැයට ඇතුළත් කරන තෙක් 5000ක දීමනාවක් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ . 30 August 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026