
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත.
එහි සුරංගි නම් කෙනෙර මෙලෙස නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ.
මෙම පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර, පළමු පැටවා අළුයම 4.00 ට හා දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා ඇතැයි වාර්තා වේ.
මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත වේ.
(ළහිරු හර්ෂණ )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියට ජය වේවා !!!!!!!
හරිම ලස්සනයි
ෂෝක් චුට්ටෝ දෙන්නෙක්. අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා .ලොකු මහත්වෙලා.කැලෑවට ගියාම මිනිස්සුන්ව අමතක කරලා ..මිනිසුන්ව තලා පෙලා මරාදමන්න හිතන්නවත් එපා පැටවුනේ.අලි මිනිස් ගැටුමේ " වරද කරුවා " මිනිසා කියන මේ ලෝකයේ සිටින ජරාම නපුරුම සතා බව ඇත්ත.එත් ..අහිංසක මිනිස්සු ..ඔයාලාට ආදරේ කරන මිනිස්සු ඕනෑතරම් මේ රටේ ඉන්නවා.ඒ අයට ආදරේ කරන්න ,අනුකම්පා කරන්න.
තුන්දෙනාම සුවයෙන් පසු වේවා !
හරිම ලස්සනයි
අලි බබාල දෙන්න ලොකු වෙලා නුවර පෙරහැරේදි දෑලේ ගමන් කරන කොට කොහොමට හිටීද ගැම්ම
පින්නවල වගේ තැනකත් මේ සතුන්ට දම්වැල් දමන එක නම් අනුමත කරන්න බැහැ...
මට මතකයි, මීට වසර කීපයකට පෙරත් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු ලැබුණා කියා මාධ්‍යවල පලවී තිබුණා.