( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය.
එදින සවස වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1402 දෙනෙකු හමුව ඇති බවත් මින් 193 ක් වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර කොට්ඨාසයෙන් - 150 ක්, අත්තනගල්ල - 140 ක්, ගම්පහ - 139 ක්, බියගම - 131 ක්, දිවුලපිටිය - 116 ක්, ජාඇල - 102 ක්, දොම්පෙ - 100 ක්, මීගමුව - 88 ක්, මීරිගම - 84 ක්, කැලණිය - 63 ක්, සීදූව - 34 ක්, කටාන - 22 ක්, රාගම සහ වත්තල කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 20 දෙනෙකු බැගිනි.
පැය 24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 92 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 69 ක්, බියගමින් - 18 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 5 දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 598 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 518 දෙනෙකි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 35,814 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක්
සනත් බණ්ඩාර Tuesday, 31 August 2021 02:39 PM
තිලකරත්න දිසානායක මහත්තයා පහුගිය සතියෙ ගම්පහ කොරෝනා රෝගීන්ගේ විස්තර දැම්මෙ නැත්තෙ මොකද? අපි ඒක බලාගෙන තමයි එළියට බහින්නෙ.