‘‘ආණ්ඩුවට මෝල් හිමියන්වවත් පාලනය කරන්න බැරිවෙලා‘‘ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවසීය. 08 September 2021
බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදී ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය කියයි. 08 September 2021
දිවුලපිටියේ අනතුරින් නාවික හමුදා වෛද්‍ය සහායකයා මරුට දිවුලපිටිය නගරය ආසන්නයේදී අද පෙරවරුවේ මෝටර් රථයක් සහ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථය ධාවනය කළ වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය සහයකයකු මියගොස් මෝටර් රථයේ ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදි නිලධාරිනියක වූ බිරිඳ බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශය පවසයි . 08 September 2021
මව් පදවිය වසරකින් කල් දාමන්න කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද ඇතිවන හෙයින් ගර්භණී භාවයට පත්වීම හැකි නම් වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 08 September 2021
කොරෝනා අස්සේ මුදල් ගැරූ හමුදා සෙබළා මාට්ටු කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් වලට පැමිණ බලපත්‍ර පරික්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු අද සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි . 08 September 2021
ලොවට සෙත්පතා මිරිසවැටියේ පිරිත් පින්කමක් ලොවපුරා පැතිරෙන වසංගත රෝග දුරු වන්නටත් ඒ වෙනුවෙන් කැපවූ පිරිස්වෙත ආශිර්වාද පතා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය සෑ මළුවේදී සති පිරිත් දේශනාවක් ආරම්භ කළහ. 08 September 2021
වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 306ක් සමඟ පුද්ගලයකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 08 September 2021
හමුදා සෙබළා වල් අලි ප්‍රහාරයෙන් මරුට මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය මීගස්වැව පොලිසිය කියයි. 08 September 2021
“ඇමරිකා ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්නැයි ඉල්ලයි’’ ඇමරිකා ඩොලරයේ මිල රු. 200 - 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහබැංකු ආංරචි මාර්ග වලින් පැවස්. 08 September 2021
ජාවාරම්කරුවෙකු හඳුනා ගන්න මහජන සහය ඉල්ලයි හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී පසුගිය (31) වෙනි දින අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම මෙහෙය වු බවට තොරතුරු හෙළිකර ගෙන ඇති ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි. 08 September 2021
පෑලියගොඩ සීනි ගබඩාවකට මුද්‍රා තබයි සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) මුද්‍රා තැබූවේය. 08 September 2021
මල්ලිගේ උදලු පහරින් අයියා මරුට කොටවෙහෙර ,දිගන්නෑව ප්‍රදේශයේ දී,එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් මල්ලී එල්ල කල උදලු පහරින් අයියා (44) මරණයට පත්ව ඇති බව කොටවෙහෙර පොලීසිය අද( 08) පැවසීය. 08 September 2021
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 08 September 2021
වෛද්‍යවරුන් තිදෙනකු තාක්ෂණ කමිටුවෙන් ඉවත්වීම ගැන සුදර්ශණීගෙන් ප්‍රකාශයක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 08 September 2021
‘මාල දිවයිනට වැලි පැටෙව් බව ඔප්පු කළොත් අස්වෙනවා’ මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කවර හෝ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. 08 September 2021
කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත් වෙයි කොළඹ දකුණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද කොවිඩ් රෝග මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්විය. 08 September 2021
කාබනික පොහොර නිෂ්පාදනයට ව්‍යාපෘති 82ක් කාබනික පොහොර නිෂ්පාදනය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති 82 ක් පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 08 September 2021
මන්නාරම දෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ඇරඹේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 08 September 2021
මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා, අයිස් හා හෂීස් මත් ද්‍රව්‍ය තොගයක් සමග මත් ද්‍රව්‍ය ජාවාමේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු අද( 8) අත්අඩංගුවට ගත් වව පල්ලෙවෙල පොලිසිය කියයි. 08 September 2021
‘රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ‘ බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 08 September 2021
විදෙස් අත්බොම්බයක් සමඟ හිටපු හමුදා සෙබලෙක් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග හිටපුු යුද හමුදා සෙබලෙකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 08 September 2021
‘හොරොයින් ජාවාරම්කරුවන්ට ඇප දෙන්න කොවිඩ් හේතුවක් නෙවෙයි’ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබා දීම සඳහා සුවිශේෂී හේතුවක් ලෙස පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත. 08 September 2021
වවුනියා අනතුරින් දෙකක් මරුට දෙකක් රෝහලට වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි. 08 September 2021
නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු ආරච්චිකට්ටුව අඹගහයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ඉරා නිමකළ තේක්ක දැව තොගයක් කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 08 September 2021
'කඩා වැටෙන ආර්ථිකයට එකම සවිය එජාපය' ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි 08 September 2021
හොරෙන් ගෙනා ඔක්සිමීටර් 4200ක් කටුනායකදි මාට්ටු නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 September 2021
මෙරට ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්,ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
තදබල රෝග ලක්ෂණ නැති දරුවන්ට නිවසේදී ප්‍රතිකාර තදබල රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 07 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,137ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,137 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
2021 සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා 2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 September 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026