සහල් මෝල් වටලන්නැයි ජනපතිගෙන් උපදෙස් රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත . 07 September 2021
අධ්‍යාපනයට රූපවාහිනී චැනලයක් පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්’’ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ. 07 September 2021
‘‘ප්රජාතන්ත්රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ‘‘ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ. 07 September 2021
සිසු නායකයෝ නැවතත් රිමාන්ඩ් අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීම, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකුට තුවාල කිරීම යන චෝදනාව යටතේ රිමාන්ඩ් බාරයේ සිටින සිසු නායකයන් සිවු දෙනා ලබන 21 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද නියෝග කළේය. 07 September 2021
මව දියණියත් කොරෝනාවෙන් මරුට පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව ඇති බවත් ඊට දින දෙකකට පෙර මරණයට පත්වු පියාගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ලැබුණු පැමිනිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 07 September 2021
කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 07 September 2021
කොවිඩ් මරණ 184ක් කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 September 2021
සහල් අස්සේ පොහොර සඟවාගෙන යයි අත්‍යාවශ්‍ය සහල් ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ සහන පොහොර මිටි 350ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් නින්දවූර් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත බව සමන්තුර පොලීසිය කියයි. 07 September 2021
ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 07 September 2021
කැනඩා අගමැතිට ගල් ගහලා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට එරට ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී උද්ඝෝෂකයන්ගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 07 September 2021
කන්න නැති අලි මින්නේරිය - කවුඩුල්ල හැර යති මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයන් අවට තෘණ බිම් ජලයෙන් යටවීමත් සමග වල් අලින්ට අවශ්‍ය පරිදි ආහාර නොමැති වීම හේතුවෙන් අලි විශාල සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශයන්ට සංක්‍රමණය වන බව ඒම උද්‍යාන ආරංචිමාර්ග කියයි. 07 September 2021
අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය. 07 September 2021
බටහිර කැනඩා විශ්වවිද්‍යාලය සහ කොළඹ කොටස් හුවමාරුව ගිවිසුමක කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ බටහිර කැනඩා විශ්වවිද්‍යාලය (UCW) එක්ව අන්‍යොන්‍ය සංවර්ධනය සඳහා වූ සහයෝගිතා ප්රයත්නය විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කළේය. 07 September 2021
Huawei ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට Huawei ටෙක්නොලොජීස් ලංකා 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great place to Workහි ස්වාධීන විශ්ලේෂකයන් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කරනු ලැබ ඇත. Great place to Work විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huaweiටෙක්නොලොජීස් ලංකා හි සේවකයන් විසින් සපයන ලද පුළුල් ශ්‍රේණිගත කිරීම් මත ඔවුන්ට මෙම ස්ථානය හිමිවී ඇත. 07 September 2021
DFCC සහ ජැට් හවුල්කාරීත්වයක DFCC බැංකුව පසුගියදා JAT හෝල්ඩින්ග්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. මේ යටතේ DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට, JAT හෝල්ඩින්ග්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබ ඇති ඉහළම තලයේ භාණ්ඩ එකතුවක් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවනු ඇතැයි එම ආයතන සඳහන් කරයි. 07 September 2021
මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 07 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,823ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය. 07 September 2021
වැඩිමිලට සහල් විකුණන්නන් සොයා මෙහෙයුම් සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමිලට අලෙවි කළ සහල් කිලෝ 14000 ක් රජයේ පාලන මිල යටතේ සතොසට පවරා ගැනීම සිදු විය. 07 September 2021
‘‘හදිසිය දිගටම තියන්න අදහස් නෑ‘‘ හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 07 September 2021
රනිල්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 07 September 2021
බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක් බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත (ඔන්ලයින්) හා කෙටි පණිවුඩ සේවාව මගින් සිදුකල හැකිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී. 07 September 2021
පැරලිම්පික් ජපානයේ ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය අද (07) සවස කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. 07 September 2021
සී.අයි.ඩී.බාරයේ සිටි අලි 14ක් මුදා හරින්න නියෝගයක් කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරුවන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්රභාකරන් මහතා නියෝග කළේය. 07 September 2021
‘‘අවසර ලැබුණොත් එන්නත් අපිත් නිපදවනවා‘‘ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නතක් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි බව බටහිර ඖෂධ නිපදවන දේශීය සමාගමක් වන නිව්ජෙන් ලංකා ආයතනය කියයි. 07 September 2021
අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන එන්නත් 5ක් නිවසක අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙත ලබාදෙක ඇක්ටෙම්රා ( Actemra) නැමැති එන්නත් පහක් නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා නිවසෙ ශිතකරණයක ගබඩා කරගෙන සිටි සැකකරුවෙක් බොරුල්ල ප්‍රදේශයේ නිවසකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ බස්නාහිර බුද්ධි කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 07 September 2021
වසර 5කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයට ගුවන් ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර පහකට පසු ලබන නොවැම්බර් 01 වනදා සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සමාගම කියා සිටී. 07 September 2021
රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා සමාජික මන්ත්‍රීවරු පස් දෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති. 07 September 2021
‘නව මුදල් පනතෙන් ආණ්ඩුව කළු සල්ලි සුදු කරන්න හදනවා’ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයින්ට,ජාවාරම්කාරයින්ට සහන දෙමින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තබා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(07) පැවසීය. 07 September 2021
ඇඳිරිය අස්සේ ගව මස් ඇද්ද දෙකක් මාට්ටු නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හොරොව්පතාන නේ සිට අධි ශීතකරණ මාළු ලොරියකින් ගව මස් කිලෝ 6000ක ප්‍රමාණයක් දෙහිවල ට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගවමස් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 07 September 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026