
(මනුල වික්‍රම)
ලොවපුරා පැතිරෙන වසංගත රෝග දුරු වන්නටත් ඒ වෙනුවෙන් කැපවූ පිරිස්වෙත ආශිර්වාද පතා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය සෑ මළුවේදී සති පිරිත් දේශනාවක් ආරම්භ කළහ.
මිරිසවැටිය විහාරාධිකාරී හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ මෙහෙයවීම යටතේ සංවිධානය කළ එම සති පිරිත් දේශානාව සඳහා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන එක්වූහ.
පිරිත් පිරීමට අනුශාසනාවන් සිදුකළේ ලංකාරාමාධිකාරී උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති සහ කොළඹ ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක නාහිමිවරුන් ය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ආත්මාර්ථකාමීව හා තණ්හාවෙන් පිරි එකිනෙකාට මෛත්‍රී නොකර සිටියොත් සතියක් නොවෙයි වසරක් පිරිත් කිව්වත් සෙතක් ඇතිකළ නොහැකි වේවි...!
සාදු ! සාදු ! සිල් ගුණ, මෛත්‍රී ගුණ , ත්‍රිිවිධ රත්නයේ මහා ගුණ බෙලෙන් ලොවටම සහනයක් වේවා. මිනිස් සිත් අකුසලෙන් මිදේවා. අකුසල කර්ම මැඩේවා.
මේවා ඉතිං අනේ මං දන්නේ නැහැ.
දැන් ඔක්කෝම හරි. හෙට ඉදලා කෝවිඩ් ඉවරයි..... රුපියල පරන අගයටම යනවා.... රට සාමාන්‍ය තත්වයට පත්වෙනවා. පිච්චමල් වරුසාවකුත් තිබ්බනම් රට ගොඩේ ගොඩ...
පාලකයෝ අධර්මිස්ථ, නීතියට ගරුනොකරන, තම රට වැසියන් පෙලමින් ඔවුන් සුඛ විහරනයේ යෙදෙන්නේ නම් මෙවැනි පිරිත් සංඝායනවලින් කිසිවිටෙකත් ප්‍රථිපලයක් නොලැබෙනු ඇත. බුදුන් වදාළ ධර්මය එයයි.
මිත්‍යාදෘශ්ටික අදහස්. යම් බලයක් තිබේ නම් මෙවැනි ක්‍රියාකාරකම් කල යුතුව තිබුනේ ලෙඩුන් පන් දහසකට වඩා වාර්තා වූ කාලවලදී ය. දැන් දැන් රෝගීන් වාර්තා වීම අඩුවක් දක්නට ලැබෙන සමයේ මෙවන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමේ උවමනාවෙන් බව කිව යුතුය.
ආගමික ස්ථානවලින් උදේ හවස සිදුකරන අමානුෂික ලවුඩ්ස්පීකර් කරදරයෙන් අපව බේරාගන්න !!!
කුහක සමාජයකට දෙවියන්ගේ පිහිට නැහැ
පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම වැහුවා නේද කොරෝනා වලට.?
සියලු දෙනාම සුවපත් වේවා. යහපතක්ම වේවා