( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 131 ක්, බියගම - 126 ක්, කටාන - 124 ක්, මහර - 116 ක්, දිවුලපිටිය - 114 ක්, මීරිගම - 91 ක්, ජාඇල - 89 ක්, දොම්පෙ - 71 ක්, අත්තනගල්ල - 60 ක්, වත්තල - 38 ක්, රාගම - 37 ක්, කැලණිය - 33 ක්, මීගමුව - 27 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 18 වශයෙන් සිදුව ඇත.
අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල රෝගීන් 281 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත ආසාදිතයින් 41 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 464 දෙනෙකි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් අන්දමට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 673 දෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd