( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 131 ක්, බියගම - 126 ක්, කටාන - 124 ක්, මහර - 116 ක්, දිවුලපිටිය - 114 ක්, මීරිගම - 91 ක්, ජාඇල - 89 ක්, දොම්පෙ - 71 ක්, අත්තනගල්ල - 60 ක්, වත්තල - 38 ක්, රාගම - 37 ක්, කැලණිය - 33 ක්, මීගමුව - 27 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 18 වශයෙන් සිදුව ඇත.
අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල රෝගීන් 281 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත ආසාදිතයින් 41 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 464 දෙනෙකි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් අන්දමට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 673 දෙනෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක්