සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය කියයි. 03 February 2022
චාමිකට - කමිඳුට කොවිඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 03 February 2022
කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති. 03 February 2022
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත. 03 February 2022
පාඨලීට එරෙහි අධිචෝදනා කීයවීමට දින නියම කරයි රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. 03 February 2022
වසරකදී හමුවන පිළිකා රෝගි දරුවන් ගණන ඉහළට මෙරට වසරකදී වාර්තාවන පිළිකා රෝගී දරුවන් සංඛ්‍යාව 750ක් දක්වා ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 03 February 2022
යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කරයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 08, සහ 10 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය. 03 February 2022
ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික ධර්ම දේශනාවක් ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව වාර්ෂිකව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඊයේ (02) පැවැත්වුණී. 03 February 2022
රන්ජන්ගේ නිදහස ගැන සජිත් දැඩි විශ්වාසයක නිදහස් දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) පැවසීය. 03 February 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕස්ට්‍රේලියාවට යයි ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව විස්ස20 තරග පහකින් සමන්විත තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම අද (3) අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. 03 February 2022
හොරෙන් ඉතාලි යන්න ගිය තරුණයා අත්අඩංගුවට කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 03 February 2022
මහින්ද අමරවීරටත් කොරෝනා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 03 February 2022
දිස්ත්‍රික්ක තුනකට මඳ වැසි රත්නපුර,, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 February 2022
සපුගස්කන්දේ වැඩ අරැඹෙයි නැවත වැඩ ආරම්භ කල සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම අරඹා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 February 2022
වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි . 03 February 2022
ඉක්මන් ඡන්දයක් ගැන පොදුජන පෙරමුණ කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 02 February 2022
ජා.ජ.බ එල්ල වූ ප්‍රහාරය ගැන 25ක ගෙන් ප්‍රකාශ ගනී ජාතික ජනබලවේගයේ ගම්පහ දිසා සමුළුවට ගිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය පවසයි. 02 February 2022
කැළණිතිස්ස බලාගාරය යළි අක්‍රීය වෙයි කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය අද (2) පස්වරුවේ නැවත අත්හිටුවීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 February 2022
මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් මුහුදේ ගිල්ලූ පාකිස්තානුවෝ අත්අඩංගුවට ගනී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් ජාත්‍යන්තර මුහුදේ ගිල්ලූ පාකිස්තානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ නවීණ තාක්ෂණයෙන් යුත් යාත්‍රාවක් පොලිසිය සහ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 02 February 2022
‘‘නීතිය සැමට සමාන විය යුතුයි‘‘ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය. 02 February 2022
රාගම වෛද්‍ය සිසුන් පහරදුන් පහක් රිමාන්ඩ් රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙක් හෙට (3) දක්වා රිමාන්ඞ් භාරයේ තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් හේශාන් ද මෙල මහතා අද(2) නියෝග කළේය. 02 February 2022
කාන්තා ව්‍යවසායකත්ව සම්මානවලට ඩයලොග් දිරි බලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපී පෙනෙන වෙනසක් ඇති කරමින් සුවිශේෂී නායකත්ව හැකියා පිළිබිඹු කළ විශිෂ්ට කාන්තාවන් අගයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම යළිත් වතාවක් කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියානු රජය සමග අත්වැල් බැඳ ගනිමින් ’Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානොත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කර ඇත. 02 February 2022
ලංකා අශෝක් ලේලන්ඩ් වාණිජ වාහනවලට ඔරිජිනල් ටයර් සියැට් වෙතින් ලංකා අශෝක් ලේලන්ඩ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවි-ඩියුටි ට්‍රක් රථ, ටිපර් රථ සහ සැහැල්ලු වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරනු ලැබ තිබේ. 02 February 2022
බස් එකට නැග්ග ගොඩහේවාට මගීන්ගෙන් දෝස්මුර බස් රථයකට ගොඩවී මගීන්ගේ සුවදුක් විමසීමට ගිය රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාට එම මගීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉන් බැසයාමට සිදුවිය. 02 February 2022
ඩොලර් මිලියන 500 ගන්න ගිවිසුම් අස්සන් කරයි ඉන්දියාවේ ‘එක්සිම්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාගැනීම සඳහා අද (2) පස්වරුවේ ගිවිසුම් අස්සන් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 02 February 2022
සිවු වැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1156 දෙනකු අද (2) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 February 2022
ජනවාරියේ සංචාරකයන් 82,327 මෙරටට ජනවාරි මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 February 2022
කොවිඩ් මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 February 2022
ලිට්රෝ ලොක්කන්ට එරෙහිව පෙත්සමක් නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පිපිරී තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් අභියාචනාධිකරණය හමුවේ අද (02) පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 02 February 2022
අරුන්දිකට ඇමැතිධුරය අත හරින්න වෙයිද? රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 02 February 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026