
(ඩයනා උදයංගනී)
මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම මාසයේදී දෛනිකව 2000 - 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 5 වැනිදාය.
එදින මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි.
ජනවාරි මාසය තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 13,478 ක්, ඉන්දියාවෙන් 11,751 ක්, යුක්රේනයෙන් 7,774 ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනෙකු පැමිණ තිබේ.
ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ටේ්‍රලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවලින් ද ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd