
(රංජන් කස්තුරි)
ඉන්දියාවේ ‘එක්සිම්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාගැනීම සඳහා අද (2) පස්වරුවේ ගිවිසුම් අස්සන් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
මීට අමතරව මේ මාසයේ මැද සතිය වන විට ඉන්දියාවෙන් තවත් ණය මුදලක් ලැබෙන බව ද ඇමතිවරයා කීය.
ඉතා කෙටි කාලයක් තුළ අමරිකානු ඩොලර් බිලිනයක් පමණ විදේශ රටවලින් ලබාගැනීමට අපේක්‍ෂා කරන බව ද මුදල් ඇමතිවරයා සඳහන් කළේය.
2022 වසර සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 30 ක් පමණ අවශ්‍ය වන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව එම මුදල සපයාගැනීම සඳහා ඉදිරියේදී විවිධ ක්‍රම අනුගමනය කරන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කීය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ආර්ථික උපදෙස් ඉල්ලා තිබෙන බව ද ඊට එම අරදමුල එකඟතාව පළකර ඇති බව ද හෙතම කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයන් පිරිසක් ළගදීම මෙරට පැමිණෙනු ඇතැයි ද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කෑම ?දැන් සැපද ?දැන් ඉතින් විඳවපල්ලා