(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පිපිරී   තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් අභියාචනාධිකරණය හමුවේ අද (02)  පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

සමෘද්ධිය නිලධාරියකු වන ශාන්ත කුමාර සිරිමාන්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මෙම පස්දෙනකු මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පාරිභෝගික සේවා අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ය.