බුද්ධ ශාසන අමාත්යංශය කැලෑවට යයි කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්යංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැල ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ. 09 October 2023
පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 09 October 2023
බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නියෝග කර තිබේ. 09 October 2023
ඌරන්ට ඇටවූ උගුලේ දඩයක්කරුම පැටලෙයි වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි. 09 October 2023
ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්රීන්ට බලපෑමක් නෑ නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (9) පැවසීය. 09 October 2023
පක්ෂ මාරු කළ අය ඉන්නේ තිගැස්මෙන් පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 October 2023
විදුලිය විසන්ධි කළැයි දණ ගස්වා පහරදිලා විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්රදේශයෙදී වැලි ව්යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 09 October 2023
’’ජිනීවා ගිය දෙන්නගෙ බේබදුකම නිසා වැඩේ කරගන්න බැරිවෙලා’’ ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිය සජබෙ මන්ත්රීවරුන් දෙදෙනා කලින් දා රෑ හොඳටම මත්පැන් බී පහුවදා නියමිත වේලාවට සමුළුවට යන්නට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්ය හමුවකදී පැවසීය. 09 October 2023
ලොව හොඳම විද්යාඥ ලයිස්තුවට මෙවරත් ලංකාවෙන් 35ක් මෙම වසරේ (2023) ලොව ඉහළම විද්යාඥ ලයිස්තුවට( සියයට 2 අතරට) ශ්රී ලාංකික විද්යාඥයෝ 35 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. 09 October 2023
ඊශ්රායලයේ හදිසි යුද තත්ත්වයක් හමාස් ප්රහාරයෙන් පසු, ඊශ්රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති අතර, ඊශ්රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. 09 October 2023
ෂාරුක්ට මරණ තර්ජන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි පැවැසෙයි. මේ හේතුවෙන් ෂාරුක් ට විශේෂ ආරක්ෂකයන් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්ර ප්රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි ද ඉන්දීය මාධ්ය පවසයි. 09 October 2023
ලෝක තැපැල් දිනයට අලුත් මුද්දරයක් ජනමාධ්ය අමාත්යංශය, තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම’ කොළඹ තැපැල් මූලස්ථානයේදී අද (9) පැවැත්විණි. 09 October 2023
ඉන්දියා ෆෙරි සේවය හෙට ඇරඹෙයි ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්රා සේවය හෙට(10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 09 October 2023
රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා දිවයින පුරා වනරක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන් ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්යාපාරිකයන් සහ ප්රභූවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත් ව්යාපෘති වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි තොරතුරු අනාවරණයවී ඇති බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 09 October 2023
තියුණු ආයුධ සමඟ හතරක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 09 October 2023
මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට විරෝධතාවක් ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්විය 09 October 2023
ලාංකික කෘෂි විද්යාඥයින්ට කොරියාවෙන් පුහුණුවක් කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරීන් හා විද්යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩ පිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියා තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය. 09 October 2023
පෙරපාසල් ගුරුවරිය යටකර පලා ගිය ව්යාපාරිකයා අල්ලයි කැස්බෑව හල්පිට ප්රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 09 October 2023
’වාහන ආනයනය සීමා රේගු ආදයම් ඉලක්කයට අභියෝගයක්’ රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 % ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් , ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේදී විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 October 2023
ගලක් පෙරැලී අවහිර වූ කොළඹ - රත්නපුර මාර්ගය යළි විවෘතයි රත්නපුර කොළඹ ප්රධාන මාර්ගයේ පරකඩුව තිරිවාන ප්රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය දෙකකට ආසන්න කාලයකට පසුව යළි විවෘත කෙරිණි. 09 October 2023
කළුතරට විශේෂ ආරක්ෂාවක් ත්රස්ත විරෝධී පනත ඉරා දමනු සමාජ මාධ්ය මර්දන පනත හකුලාගනු යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා යුදහමුදාව භටපිරිස්ද කැදවා තිබේ. 09 October 2023
ව්යාපාරිකයාට මිරිස්කුඩු ගසා ලක්ෂ 45 කොල්ල කාලා රාත්රි කාළයේදී ක්රියාත්මක මීගොඩ ආර්ථික මධ්යස්ථානයෙහි ව්යාපාරික ස්ථානය වසා දමා නිවෙස බලා යමින් සිටි ව්යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් අද (09) අලුයම කොල්ල කා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි 09 October 2023
ඔරුව පෙරැලී දෙකක් මරුට මඩකලපුව නාවල්අඩි කලපුවේ ඔරුවක් පදිමින් සිටියදී ඔරුව පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි. 09 October 2023
කලාකෙතට සමුදුන් ආදරණීය කලාකරුවා කලා ක්ෂෙත්රයේ කුසලතා රැසකින් පෝෂිත සම්මාන නියද ප්රකට ප්රවීණ ජනප්රිය රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද පෙරවරුවේ දිවිසිනමාවෙන් සදහටම සමුගත්තේය. 09 October 2023
දරු තිදෙනා තනි කර මව ඉසුරු සොයා ගිහින් කුඩා දරුවන් දේදනකු අවුරුදු 14 වයස ඇති දියණියට බාර දී මව මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවකට යාමෙන් පසු එම දරු තිදෙනා කෲරත්වයට පත් කළේ යැයි කියන 47 හැවිරිදි පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 09 October 2023
ඩොලර් ගලනය සියයට 69 කින් වර්ධනය වේ ශ්රී ලාංකික විදේශගත ශ්රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 09 October 2023
ගසේ බෙනය අස්සෙන් ගිනි අවියක් මතු වේ වැලිකන්ද සිරිපුර හුංඟමාල ඔය රක්ෂිතයේ පිහිටි විශාල ගසක බෙනයක් තුළ සඟවා තිබූ ටී 56 ස්වයංක්රීය ගිනි අවියක් සොයාගත් බව සිරිපුර පොලීසිය පවසයි. 09 October 2023
ඊශ්රායලයේ දි ලාංකිකයකුට තුවාල තවත් අයෙක් අතරුදන් ඊශ්රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්රී ලාංකිකයකු අතුරුදන් වී ඇතැයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ප්රකාශ කළේය. 08 October 2023
ශ්රී ලංකාවට තරග මුදලින් සියයට 10 ක දඩයක් ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාවට එරෙහිව දිල්ලිහිදී ඊයේ (7) පැවැති තරගයේ මන්දගාමී පන්දු යැවීමට ශ්රී ලංකා පිලට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමට තරග තීරක ජවගල් ශ්රීනාත් මහතා පියවර ගෙන තිබේ. 08 October 2023
ඔට්ටුවක් අල්ලා දියයට සැඟ වේ පාදුක්ක මාවතගම ප්රදේශයේ දියපිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයකු දියේ ගිලීමෙන් අද (08) සවස මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 08 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026