(කේ බුද්ධික කුමාරසිරි)
රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 % ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් , ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේදී විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය
පාර්ලිමේන්තු ආංශක අධීක්ෂණ කාරක සභාවකදී පසුගියදා හෙලිකළ පරිදි මේ වසරේ රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අද (09) දින රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කරන ලදී
එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීය.
මේ වසරේ ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 1220 ක් වූ නමුත් ආර්ථිකය සාමාන්‍ය පරිදි පැවති ආසන්නම වර්ෂය වූ 2018 වසරේදීද රේගු ආදායම ලෙස උපයා ඇත්තේ රුපියල් බිලියන 918 ක් පමණයි. මේ වසරේදී රුපියල් බිලියන 1220 ක ඉලක්ක ගත ආදායමක් ලබාදී රේගුවේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ භාණ්ඩ ආනයනය වසා දමා තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදකයා අමුද්‍රව්‍ය, ශ්‍රමය ඔක්කොමත් එක්ක ලාබෙකුත් තියාගෙන විකුණන වාහනේ, ගාන වගේ තුන් ගුණයක් කප්පන් ගන්නව රේගුව කිසිම දෙයක් නොකර. අමුතු ඇටේ තවත් එක් අමුතු ආයතනයක්
මොනවද මේ කියන කතා...? ආර්ථිකය ඉගෙන ගෙන තියෙන මිනිස්සු ඕනෑ මේ තනතුරුවලට දාන්න. රනිලුත් එකයි, මෙයත් එකයි. IMF නැතිනම් කිසිම වැඩපිළිවෙළක් නැහැ. රටේ පාලනයත් වෙන රටකට දුන්නා නම් හරි.
වාහන ආනයනය කරනවා කියන්නේ රටේ තියෙන ඩොලර් පිටට ඇදීයාමක් වෙනවා. රේගුවට ලැබෙන්නේ රට ඇතුලේ තියෙන රටේ ව්‍යවහාරික මුදල්. ඒවා ඉපැයීමක් කියන්න බැහැ. යහපාලනය කාලයේ ඇමැතියෙකුත් ඔහොම කිව්වා. මිනිහා කලේ විදේශීය ගම්මිරිස් ගෙනැල්ලා ප්‍රතිඅපනයනය මගින් රේගු ආදායම් ඉපැයීම තමයි. ඒ නිසා රටේ නිෂ්පාදන ගම්මිරිස් වගේ නිෂ්පාදන මිල නැතුව ගියා. රටේ නිෂ්පාදන අඩුවුණා. අපිට කියන්න වෙන්නේ ණයට හරි ගෙනැල්ලා කාපල්ලා කියලා තමයි. මිනිසුනේ රටේ ගණුදෙනු සඳහා රුපියල් බිලියන එක්දහස් ගණනක් මුදාහැර තියෙද්දී බැංකුවේ තියෙන්නේ දෙසිය ගණනක් නම් අනෙක් මුදල් සඟවා තියෙනවා. ඒවා සොයාගෙන ආදායම් ඉපැයීම කරන්න බැරිද? ඩොලර් ටික ඉතිරි කරන්න කටයුතු කරපල්ලා...
ලාල් නිසා සති ගණන් තෙල් පෝලිම්වල නිදිමරපුවා අවසන් වුනා,ආයෙත් බකපන්ඩිතයන් අරින්නයි හදන්නේ
යකො පිට රටවල මිනිස්සු අමරුවෙන් හම්බ කරල එවන ටිකෙන් ජීවත් වෙන ගමන් රජයේ ආදායම වැඩි කරන්න නියම යොජනා ගෙන්නෙ. වැස්සටවත් ඉස්කොලෙ ගිහිල්ලද .
රේගු ආදායම හරියන්න බදු ගහන්න වාහන ගෙවන්නේ නොමිලේද? බදු ලැබෙන්නේ රුපියල් වලින් වාහන, වාහන අමතර කොටස්, ඉන්දන ගෙවන්න කෝටි ගණන් වලින් යන්නේ ඩොලර්.
වාහන විතරක් නෙමෙයි එහෙමනම් දැනට තියන ආනයන සීමා සියල්ල ඉවත් කරන්න ,එතකොට රේගු බදු ආදායම පෙර තිබූ අන්දමට වැඩි වෙයි