(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඩා දරුවන් දේදනකු අවුරුදු 14 වයස ඇති දියණියට බාර දී මව මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවකට යාමෙන් පසු එම දරු තිදෙනා කෲරත්වයට පත් කළේ යැයි කියන 47 හැවිරිදි පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරු තිදෙනා ද පසුගිය සිකුරාදා පොලිස් භාරයට ගෙන එම දරු තිදෙනා අද(9) අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.
පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය බාරයට ගත් මෙම දරු තිදෙනාගේ සෑම අවශ්‍යතාවයක් ම එම කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් ඔවුන්ගේ පෞද්ගලික වියදමින්ඉටු කරන බව කියති.
දරු තිදෙනා ගේ පියා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ පියාගෙ වරදක් කියන්න බැහැ රටේ පාලනය සදහා ජනතාව පත්කර යවන දේශපාලුවො හා උන්ගෙ හෙංචයියො රටට මත්ද්‍රව්‍ය ගෙනවිත් අහිංසක මිනිස්සු රවටා ඒවාට හුරුකිරීම කරනවා ඉතින් මෙහෙම පවුල් අනාතවෙලා රට අගාධයකට වැටෙනවා මේවාට දඩුවම් කරන්න ඕන ඔය වගේ මිනිසුන්ට නොවෙයි කුඩු ගේන ගෙන්වන හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් රකින්න කටයුතු කරන දේශපාලුවන්ට සහ උන්ගේ පක්ෂ නායක නායිකාවන්ටත් ඔවුන් බේරා ගන්න කටයුතු කරන රැකවලුන්ට තමයි
බාලවයස්කාර දරුවන් සිටින මවකගේ රැකියාව සඳහා විදේශගත වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ය. ග්‍රාමසේවකගේ පවුල් පසුබිම් ප්‍රකාශයකින් තොරව කාර්යාංශය ලේඛන අනුමත නොකරයි