
(කේ බුද්ධික කුමාරසිරි)
රාත්‍රි කාළයේදී ක්‍රියාත්මක මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස බලා යමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් අද (09) අලුයම කොල්ල කා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
ව්‍යාපාරිකයා අලුයම් කාළයේදී ව්‍යාපාරික ස්ථානය වසා දමා ඔහුට අයත් ත්‍රීරෝද රථයෙන් තවත් සේවකයෙකු ද රැගෙන ගොස් මීගොඩ දහම් මාවත ප්‍රදේශයේදී එම සේවකයා නිවස වෙත හැරලවා ඇත .
අනතුරුව ඔහු නිවෙස වෙත යමින් සිටියදී මීගොඩ සිරිරතන මාවතේදී එක්වරම ත්‍රීරෝද රථය තුල සිටි අයෙකු මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර අතැතිව තිබූ මුදල් පාර්සලය රැගෙන පලා ගිය බවට එම ව්‍යාපාරිකයා සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd