යුනිසෙෆ් - ජා.ජ.බ අතර හමුවක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ජවිපෙ ප්රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි. 20 October 2023
ලිට්රෝ ගෑස් මිල නැවතත් ඉහළට ? ලිට්රෝ ගෑස් එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් කිලග්රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 October 2023
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි පාර්ලිමේන්තුවේ දී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි. 20 October 2023
ඇමති ඩයනා මන්ත්රී රෝහණ ගුටි කෙළියක මන්ත්රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. 20 October 2023
දේශපාලන අරමුණකින් තොරව ලංකාවට සහය දෙනවා ශ්රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව චීන මහජන සමූහාණ්ඩුව සහාය දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ පැවසීය. 20 October 2023
සී.අයි.ඩීය ඖෂධ නියාමන අධිකාරියට යයි ව්යාජ අත්සන් සහ ලේඛන සකස් කරමින් ප්රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව අපරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ පරික්ෂාවට ලක් කර ඇත. 20 October 2023
මැතිව්ස් - දුෂ්මන්ත හෙට තරගයට නෑ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට පැමිණිය ද නෙදර්ලන්තයට එරෙහිව හෙට (21) පැවැත්වෙන තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව නොමැති බවත් එම ක්රීඩකයන් දෙදෙනාම මේ දක්වා 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති බවත් ශ්රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවැසීය. 20 October 2023
බුදුකුටිවලට හානි කළ අයෙක් කන්තලෙන් අල්ලයි කන්ලේ ප්රදේශයේ පිහිටි බුදු පිළිම හතරක් තැන්පත් කර තිබු වීදුරු කුටි වලට තිරුවාණා ගල් සහ යකඩ මිටියකින් පහර දී අලාභානි සිදු කළේ යැයි කියන පුද්ගලයකු කන්තලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 October 2023
පසුගිය වසර කිහිපයේ පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා ‘ පසුගිය අවුරුදු කීපය ඇතුලත පොලිස් භාරයේ හිටපු පහළොස් දෙනෙක් මරා දමා තිබෙන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(20)පැවසීය. 20 October 2023
Techno 2023 කාර්මික හා තාක්ෂණ ප්රදර්ශනය ඇරැඹෙයි ශ්රී ලංකාවේ විශාලතම ඉන්ජෙනේරු සහ තාක්ෂණ සමාගම , ශ්රී ලංකා ඉන්ජෙනේරු ආයතනය විසින් සංවිධානයකරන Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ජාතියන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (20) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්රධනතත්වයෙන් ආරම්භ විය. 20 October 2023
මතීෂ පතිරණට ඉදිරි තරග අහිමි වෙයි? ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) පෙරවරුවේ පැවසීය. 20 October 2023
ගාල්ලෙ නාය යාමක් ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 20 October 2023
පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා අධිරාජ්යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. 20 October 2023
ලංකාව චීනයේ පන්සලක් හදයි චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්රයේ ශ්රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 20 October 2023
බසය ප්රපාතයට පෙරැලී කතක් මරුට: 42ක් රෝහලට බදුල්ල මොරහෙල ප්රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 42 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 20 October 2023
මෛත්රීගෙන් පාප් වහන්සේ ප්රශ්නයක් අසයි ලෝකය පුරා ඇති වෙන යුද තත්ත්වයන් නැති කරන්නේ කොහොමදැයි පාප් වහන්සේ 2017 වසරේ දී වතිකානුවට ගිය අවස්ථාවේ තමාගෙන් විමසූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 October 2023
වි.බ.ම. හලාවත කාර්යාලයේ ලැප්ටොප්-දුරකතන සොරාගෙන විදුලි බල මණ්ඩලයේ හලාවත කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 35ක් සොරාගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි. 20 October 2023
විදුලි බිලට එරෙහිව සජිත් සටනට වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
කතානායකගෙන් විජේදාස-අලූත්ගමගේ ගැන දැඩි ප්රකාශයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය 20 October 2023
අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි දූෂණ විරෝධී පනත අභියෝගයට ලක්කර ශ්රේෂ්ඨාධිකරණයට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියකට උසස්වීම් අල්ලසක්දී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
ඉඩම් ආරවුල මරණයෙන් කෙලවර වෙයි ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව පයාගල පොලිසිය පවසයි 20 October 2023
කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු රාජගිරිය ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුළී නිවසක සිට නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 20 October 2023
අක්කර 40000කට බඩ ඉරිගු බීජ නොමිලේ බෙදයි මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද (20) සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. 20 October 2023
’’ඊශ්රායලය-පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්රකාශ කරනු’’ ඊශ්රායලය, පලස්තීන යුද්ධයට කඩිනම් සටන් විරාමයක් ප්රකාශයට පත්කරන්නැයි පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (20)පැවසීය. 20 October 2023
චීන උප අගමැතිගෙනුත් ජනපතිට සහතිකයක් මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය. 20 October 2023
මෝදිගෙන් අබ්බාස්ට ඇමතුමක් ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, ගාසා තීරයේ අල් අහිල් රෝහලට එල්ල වුණු ප්රහාරය සම්බන්ධයෙනි. 20 October 2023
බයිඩන් ජාතිය අමතයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය. 20 October 2023
උතුරේ හර්තාල් උතුරු පලාතේ හර්තාලයට උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන තිබේ. 20 October 2023
ගාසා දේවස්ථානයකටත් ප්රහාරයක් ගාසා තීරයේ ග්රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. 20 October 2023
විස දුමක් අග්රාණය වී 10ක් රෝහලේ තලවකැලේ පිහිටි වෙළෙඳසැලක ක්රියාත්මක කර තිබු ජෙනරේටර් යන්ත්රයක දුම් ආග්රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයෙන් පසු වු තරුණියන් ඇතුළු පුද්ගලයන් 10 ක් ප්රතිකාර සඳහා ලිඳුල ප්රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බව තලවකැලේ පොලීසිය පවසයි. 20 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026