(යොහාන් භාසුර )
ලිට්‍රෝ ගෑස් එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් කිලග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලෝක වෙළදපළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල වැඩි කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වුණා ආකාරයට ගෑස් මිල ඉහළ දැමීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මීළඟ ගෑස් මිල සංශෝධනය ලබන නොවැම්බර් මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල මෙම මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 343 කින් වැඩි කළ අතර එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,470 ක් බවට පත්විය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් මිල නැවතත් ඉහළට ?