විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අනිද්දා ඇරඹේ ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම අනිද්දා (23) සිට ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසීය. 21 May 2025
ගම්පහට පැය 10 ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අනිද්දා (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 May 2025
රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය. 21 May 2025
බදුල්ල අයියා - මලෝ ගැටුමේ අයියා රිමාන්ඩ් බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද 21 දා සවස නියෝග කළේය. 21 May 2025
පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. 21 May 2025
‘නෙක්ස්ට්’ වහන්න කලින් කම්කරු දෙපාර්තමේන්තුවට කියලා නෑ කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 May 2025
බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 21 May 2025
මේ වසරේ අපේ අය 1619ක් කොරියා රැකියාවට යති මේ වර්ෂයේ ගතවූ මාස පහකට ආසන්න කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනකු පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 21 May 2025
යුක්තිය වෙනුවෙන් කතා කළ උතුරේ දකුණේ ඔක්කොම විරුවන් සත්‍ය,යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළ දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
බාල පොහොර සොයා මහනුවර මෙහෙයුම් ව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳසල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කියයි. 21 May 2025
කම්හල් වැසෙන අවදානමක් කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වැසීමෙන් පාරට වැටුණු සේවක සේවිකාවන් දෙදාහ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය. 21 May 2025
’’එල්ලෙන්න අලුත් වැලක් හොයාගන්න’’ වික්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි.දැන් අලුත් වැලක් හොයාගන්නැයි වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි. 21 May 2025
වතු සේවකයෝත් විරෝධයක ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවෝ පිරිසක් නුවරඑලිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ. 21 May 2025
40000ක ගුරු හිඟයක් දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන් 40000ක හිගයක් පවතින බව අගමැතිනී සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය. 21 May 2025
අලුත් අය එන එක කෙසේ වෙතත් ඉන්න අය රැක ගන්න අලුතින් ආයෝජකයෝ පැමිණීම කෙසේ වෙතත් තියෙන ඇඟලුම් කම්හල් වත් රැක ගන්න බලන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
ලංකාවෙ බහුතර සභා පිහිටුවන්නේ අපි ලංකාව පුරා තියෙන සභා වලින් බහුතරයක බලය පිහිටුවන්නේ මාලිමාව බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
පේරාදෙණි රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරණීයකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වුහ. 21 May 2025
මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 May 2025
ලංකාවට පිටුපා ගිය ආයෝජකයන් ආපහු එන්න පටන් අරන් ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
ගල්කිස්ස ඝාතනයට ගිනි අවිය ලබාදුන් යුවළ අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස ගාලු පාර වෙරළ පාරඅසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් අඹු සැමි යුවළ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 21 May 2025
අර්ථසාධක අරමුදල් කාර්යාල නැවත වැඩ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත අවසන් වූ බවත් දිවයින පුරා සියලුම කම්කරු කාර්යාලවල සියලුම සේවා අද (21) සිට මධ්‍යහන 12.00 සිට ආරම්භ කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 21 May 2025
දුම්කොළ - මධ්‍යසාර අධිකාරියේ සභාපති පත් කරයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබේ. 21 May 2025
ගණේමුල්ල සංජීව ඝාතකයා රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන වෙඩික්කරු සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි රැකවල් මධ්‍යයේ ඉදිරිපත් කළේය. 21 May 2025
සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි ලංකාව මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 May 2025
කාන්තාවක් දුම්වැටි සමඟ ගුවන්තොටේදී හසු වෙයි රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද(21) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 21 May 2025
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය දැමු අයියා මලෝ මාට්ටු බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. 21 May 2025
නගර සභා සේවකයා ඝාතනයට තවත් අයෙක් සැකපිට ගල්කිස්ස නගර සභාවේ සේවයේ නියුතුව සිටි 19 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 21 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026