IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට

(ජේ.ඒ.එල්. ජයසිංහ)

අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ.

වරකාගොඩ ශ්‍රී ඤාණරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනූනායක වෙඬරුවේ උපාලි හිමිපණන් වහන්සේ ප්‍රමුඛද අස්ගිරි කාරක සංඝ සභාවේ සභික හිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී,  නව අනුනායක හිමි පාණන්වහනසේ තෝරා පත් කරගැනීම සිදු කෙරිණි.

අනූනායක ධූරය සඳහා ඉදිරිපත්වූ මහියංගන රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද යන හිමිපාණන් වහන්සේලා ද වැඩම කර සිටියහ.

අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්යෙන් අභිනව අස්ගිරි අනූනායක හිමියන් තෝරා පත් කර ගැනීම අද පස්වරු 3 00 ට පමණ ආරම්භ විය.

අනූනායක භික්ෂූන් වහන්සේ දෙදෙනකු ඉදිරිපත්ව සිටින බැවින් අනුනායක පදවියට භික්ෂූන්වහන්සේ නමක් තෝරාපත් කරගැනීම සඳහා ඡන්දයක් විමසීමට සූදානම් වූ අවස්ථාවේ ඡන්දය විමසීමට එකඟ නොවූ උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ ඉවත් වන බව සංඝ සභාවට දැනුම් දී සංඝ සභාරැස්වීමෙන් ඉවත්ව යාම නිසා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි පාණන් වහන්සේ ඒක ඡන්දයෙන් අස්ගිරි අනුනායක හිමි ධූරයට තේරී පත්වූහ.

 



අදහස් (1)

නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට

ජිල්බු Thursday, 28 August 2025 06:14 PM

නිතරඟයෙන් ඡන්දෙ දිනුම්. උණුසුම් සුබ පැතුම්! ලකුණ?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16907 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site