
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්මාංචු දැමු දෑතින් පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා කිඹුලන් ගහන දිය පිරුණුවලට පැන පලායාමට උත්සාහ දැරූ සැකකරුවකු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් නැවතත් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
මිල්ලනිය ප්‍රදේශයේ වෙළඳ සලකට පැන භාණ්ඩ සොරා ගැනීම සඳහා පැමිණි සැකකරු භාණ්ඩ සොරකම් කරමින් සිටියදී වෙළඳ සැලේ හිමිකරුට ශබ්දය ඇසී ඇති අතර ඔහු එහි ගොස් පරීක්ෂා කිරීමේදී වෙළඳ සල තුල කිසිවකු සිටින බව දැක කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී සොරකම් කරමින් සිටි පුද්ගලයා වෙළඳසැල් හිමියාට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන්කරයි.
එම අවස්ථාවේ තුවාල ලැබූ වෙළඳ සැල් හිමියා ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත.
පෙර දින රාත්‍රියේ පලා ගිය සැකකරු සොයා මිල්ලනිය පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර සැකකරු අඩංගුවට ගෙන අත් මාංචුදමා යතුරුපැදියකින් රැගෙන එමින් සිටියදී සැකකරු මාංචු කුට්ටම යොදා තිබූ දෑත එකවරම යතුරුපැදිය ධාවනය කළ පොලිස් නිලධාරියාගේ ගෙල සිරකොට තිබූ බව පොලිසිය කියයි.
අනපේක්ෂිත සිද්ධියත් සමගම යතුරුපැදිය පෙරළී ඇති අතර ඒ සමගම සැකකරු කිඹුලන් ගහන කොස්ගහවල ගැඹුරු වලකට පැණ පලායාමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් ද එක්ව සැකකරු ගොඩ ගෙන නැවත පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැකකරුවෙක් පොලිසියට කළ හරියක්
Chathuri Friday, 29 August 2025 06:34 AM
මාන්චු දාපු පුද්ගලයෙක්. පිටිපස්සේ තියන් මෝටර් සයිකලේ යන්නේ. අත් දෙක ඉස්සරහට දාලා ඕන කෙනෙක් ඔය දේ කරනවා. පොලිස් නිලධාරින්ට සාමාන්‍ය දැනුම ලබා දෙන්න. මේක ලොකු අනතුරක වැඩක්...
ජයන්ත පලිහක්කාර Friday, 29 August 2025 02:26 PM
අත් පිටිපස්සට ගෙන මාංචු දමන්න.