කෙහෙළිය - ජයම්පති දෙදෙනාටම නඩු හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම අද(13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. 13 June 2017
හමුදාවට බාර වූ පිරිසකට නිදහස දීමට ජනපති පොරොන්දු වෙයි යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ. 13 June 2017
රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. 13 June 2017
ශ්‍රී ලංකාව ළමා ශ්‍රමිකයන් තුරන් කිරීමේ සාර්ථක වෑයමක ශ්‍රී ලංකාව මෑත භාගය තුළ ළමා ශ්‍රමය අවම කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇත. වයස අවුරුදු 5 -17 අතර ළමයින්ගේ ළමා ශ්‍රමය 2008/09 යේදී වාර්තා වූ සියයට 2.5 සිට 2016 වර්ෂයේ දී සියයට 1.0 දක්වා පහත වැටී ඇත. 13 June 2017
ජාතීන් අසමගි වන පුවත් පළ නොකරන්නැයි ඉල්ලයි ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්රවෘත්ති පලකිරීමෙන් වලකින ලෙසට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය. 13 June 2017
අරණායක අවතැන් වූවන් බලන්න නාමල් යයි අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අරණායක අවතැන් කඳවුරු වෙත ගියේය. 13 June 2017
ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරනු ලැබූ උපාලි මාරසිංහ මහතා අද(13) වැඩ බාරගත්තේය. 13 June 2017
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පාර්ලිමේන්තු විවාදය 21 දා අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 වැනිදා දවසපුරා පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ. 13 June 2017
මුහුණු පොතේ කවි ලිව් ගුරුවරයා මාරු තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ. 13 June 2017
මාධ්‍ය නිදහස කප්පාදු කරලා යයි නාමල් කියයි වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇත්ත තත්ත්වය එළි කිරීම සඳහා මාධ්‍යයට ඇති අයිතියට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 13 June 2017
අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත. 13 June 2017
ඔසඳ යාපා අත්අඩංගුවට ගන්න වරෙන්තු කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය. 13 June 2017
‘සීනි මිල වැඩිකර නැහැ‘ - රජය කියයි සීනි ආනයන බද්ද රුපියල් 10න් වැඩි කළද වෙළඳපොළේ සීනි මිල වැඩිකර නැතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2017
පස් නැතිව දකුණු අධිවේගයේ වැඩ නවතියි දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි වාර්තා වේ. ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි විම මේ තත්ත්වය උදා වී ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති. රජය විසින් පස් කැපීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ අණ පනත්,නීති රිති පැනවිම ද මීට හේතු වී ඇතැය 13 June 2017
තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැගිලි හතරක් විදේශීය හෝටල් ව්යාිපෘතියට පැවරීමට යාම හා සේවා ව්ය වස්ථාවක් සකස් නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් අද (13) වැඩ වර්ජනයක් ක්රිුයාත්මක බව එම වෘත්තිය සමිති පෙරමුණ පවසයි. 13 June 2017
කෝටියක රත්තරන් කකුල්වල බැඳ පන්නන්න බැරිවෙයි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් තම කකුල් දෙකෙහි බැද ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බටයකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පවසයි . 13 June 2017
පාකිස්තානය අවසන් පූර්ව වටයට එංගලන්තයේ කාඩීෆ් නුවරදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත්තේය. 12 June 2017
‘සීමාවේ සිටියානම් මිලියන 889 කට වැඩියෙන් ඉතිරි කරගන්න තිබුණා‘ මුලින් දැනුම් දුන් රුපියල් බිලියනයේ සීමාවෙන් මෙම බැඳුම්කර නතර කළා නම් රුපියල් මිලියන 889කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබු බව බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 12 June 2017
බාලවයස්කරුවකුට දුන් මරණ දඬුවම ගැන ජනපතිට දන්වන්න නියෝගයක් බාලවයස්කාරයෙකුව සිටියදී කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම් පනවා ඇති ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළේය. 12 June 2017
වෛද්‍ය සභාවේ මුල් පුටුව මහැදුරු කාලෝටම දෙන්න යයි ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටම ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 12 June 2017
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘ 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය. 12 June 2017
කුවේට් ගිය ලක් කතකට මනුෂ්‍ය ඝාතන චෝදනා අවිවාහකව ගැබ් ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් එම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි පවසයි. 12 June 2017
ප්‍රංශ මැතිවරණයේ ජය ජනපති එමානුවෙල්ගේ පැත්තට බරවෙයි ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 12 June 2017
‘අගමැතිගේ ඇතැම් තීරණ ගැන ජනපතිගේ ප්‍රසාදයක් නෑ‘ - එස්. බී. ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය. 12 June 2017
උතුරු කළුතරදී මෝටර් රියක් සමුද්‍රදේවියේ ගැටේ මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියට උතුරු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රථයක් ගැටී ඇතැයි පොලිසිය පවසයි. 12 June 2017
මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව පොලිසිය කියයි. 12 June 2017
ගමනාගමන කොමිසමේ තිබූ ලිපි ගොනු 2095ක් එෆ්සීඅයිඩියට ගෙනිහින් බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසමේ තිබූ ලිපි ගොනු 2095ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 12 June 2017
එම්.ජි.ධනුෂ්ක ලක්ෂ 10 ක බැඳුම්කරයක් මත නිදහස් ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත මින් ඉදිරියට අවසරයකින් තොරව වසර 3ක කාලයක් මහජනතාව වෙනුවෙන් හෝ ප්‍රසිද්ධ වේදිකාවක හෝ ගායනා නොකළ යුතුයැයි කොන්දේසියක් පනවමින් ජනපි‍්‍රය ගායක එම්. ජී ධනුෂ්ක මහතා රුපියල් ලක්ෂ 10ක බැදුම්කරයක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (12) නියෝග කළේය. 12 June 2017
අතුරුදන්වූවන්ගේ දෙමාපිය පිරිසකගෙන් ජනපතිට ලිපියක් උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 12 June 2017
වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු මීතොටුමුල්ල කසල කන්දේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයකු සම්බන්ධ හබයාස්කෝපස් නඩුවකට අදාළව සාක්කි ලබාදීමට අධිකරණයට නොපැමිණී වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් සමරනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(12) වරෙන්තු නිකුත් කළේය. 12 June 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026