තරිඳු ජයවර්ධන
කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව පොලිසිය කියයි.
මෙම රියදුරන්ට දඩ පත්රිකා ලබා දීමට අමතරව සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද නියමිත බව පොලිසිය පවසයි.
අද සිට මංතීරු නීතිය තදින් ක්රියාත්මක කරන බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැරදි කරුවන්ට උසාවියට දාල රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. එම ලෙසම රිය පදවන අතරේ ටෙලිෆොන් පාවිච්චි කරනවාටත් නීතිය පණගන්වලා රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. රටක නීතියට ගරු කරන්නේ නැති අයට මුදල් දඬුවම හොඳට දැනෙනවා අයෙමත් නොකරන්නම....
රජය ජනතාව මන් තීරු නීති නිවැරදිව පිළිපදින අයරු පරිගණක ආකෘතියක්/රුපවාහිනී වැඩසටහනකින් මගින් දැනුවත් කල හැකි නම්, පොලිසි නිල දරුවන්ගෙය් රාජකාරි වෙන දෙයකට යොමු කල හැක.
මංතීරු නීතිය යනු කුමක්ද , එය මාර්ග ආශ්රිතව ක්රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කල යුතුයි පළමුවෙන්ම.. ඊයෙ අහු උන රියදුරන්ගෙන් 90%කට වැඩි පිරිසක් මේ සම්බන්ධව නොදැනුවත්කම නිසාවෙන් මංතීරු නීතිය කඩකල බවයි මාගේ අදහස..