(නිමන්ති රණසිංහ)
මීතොටුමුල්ල කසල කන්දේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයකු සම්බන්ධ හබයාස්කෝපස් නඩුවකට අදාළව සාක්කි ලබාදීමට අධිකරණයට නොපැමිණී වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් සමරනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අද(12) වරෙන්තු නිකුත් කළේය.
කොළොන්නාව හිටපු නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත මහතාගේ සොහොයුරා වූ ජනක ප‍්‍රභාත් නමැත්තා මීතොටුමුල්ල කසල කන්ද අසලදී නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යන ලැදයි කියන සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවේ නඩු පවරා ඇති අතර ස්ථානාධිපතිවරයා මේ වන විට අවිස්සාවේල්ල පොලීසියේ සේවය කරයි.
සිද්ධියට අදාළ නඩු විභාගය ලබන අගෝස්තු මස 14 වැනිදා තෙක් කල් තැබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd