(නිමන්ති රණසිංහ)
ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත මින් ඉදිරියට අවසරයකින් තොරව වසර 3ක කාලයක් මහජනතාව වෙනුවෙන් හෝ ප්‍රසිද්ධ වේදිකාවක හෝ ගායනා නොකළ යුතුයැයි කොන්දේසියක් පනවමින් ජනපි‍්‍රය ගායක එම්. ජී ධනුෂ්ක මහතා රුපියල් ලක්ෂ 10ක බැදුම්කරයක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (12) නියෝග කළේය.
විත්තිකරු ගායකයකු වීම, කලාකරුවකු වීම, ඔහුගේ වයස, අගයතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 3ක් ගෙවීම සහ ප්‍රසිද්ධ බයිලා ගායක එම් එස් ප්‍රනාන්දු මහතාගේ ගිත ගායනා කිරීමට හේතු වූ පසුබිම යන කරුණු සළකා බලා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 306 වගන්ති ප්‍රකාරව සිද්ධියට අදාළව වරදකරු නොකොට කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අවුරුදු තුනකට පස්සේ එයාට ඕනෑම ගායකයෙකුගේ ගීත ප්‍රසිද්ධියේ ගයන්න අවසරද? දන්නේ නැති නිසයි ඇහුවේ, ආයුබෝවන් .....
මට නම් මේක තේරුම්ගන්න හරි අමාරුයි. අප වේදිකාවේ දකින්නේම අනුන්ගේ සින්දු කියන අය. අහන්නේම අනුන්ගේ සින්දු. ඒ අයට මොන හෙනයක්වත් නැහැ. මෙතුමා දුප්පතෙක් නිසාද මේ කරදර....
මොහු හොඳ ගායන හැකියාවක් ඇති තරුණයෙක්. සමහර ප්රබුද්ධයන්ට වඩා චරිතවත් විධියට ජීවත් වෙනවා.
පුත්තුන්ට සින්දු කියන්නත් බෑ ,කියන කෙනකුට ඉඩ දෙන්නෙත් නෑ ,
එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම තුලින් මෙම ගායකයා අමතක වෙමින් යන කළා කරුවෙකු නැවත මතු කිරීමකුත් කරනවා නේද?
මිනිස්සුන්ට අමතක වෙලා හිටපු බයිලා චක්‍රවර්ති අපහු මතක් කරලා දුන්නේ MG හරිනම් මෙයාට කියක් හරි දෙන්න ඕන ඒකට. මේක තනිකරම කුහක කම අවාසනාව.
දේශපාලකයොත් වැරදි කරන මේ සමාජයේ දුප්පත් අපිට ඉන්න වෙලා තියෙන්නේ හැමදේටම ඔලුව නමාගෙන.
දැනට දැඩි කතාබහට, ඒවගේම ජනාධිපති කොමිසමක් ඉදිරියේ තිබෙන බැඳුම්කරයක් වගේ එකකටද මෙයාත් යටත් කරේ ?