(ඉන්දිකා රාමනායක)
ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්රවෘත්ති පලකිරීමෙන් වලකින ලෙසට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙවැනි ප්රවෘත්ති පලකිරීමෙන් මාධ්‍යට එය හොද ප්‍රධාන සිරස් තලයක් පමණක් වුවද එයින් රටට හෝ ජනතාව කිසිදු ආකාරයේ සෙතක් නොලැබෙන බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
මෙවැනි පුවත් ප්‍රධාන සිරස්තලයේ පලකිරීමෙන් සිදුවන්නේ තවදුරටත් ජනතාව ඇවිස්සීම බවද හෙතෙම සදහන් කළේය. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී .ජාතීන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම සදහා යුද හමුදාව යොදවන්නේ ද යන්න එහිදී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමෙන් ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේය.
ඇතැම් මාධ්‍ය කුඩා සිදුවීමක් අලලා ඒ තුළින් විශාල ප්රවෘත්ති මවන බවත් ඒ පිළිබදව සොයා ලැබීමේ දී ඇත්තේන්ම එම් සිදුවීම්වල බරපතල තත්ත්වයක් නොමැති බවද පැවසු හෙතෙම මාධ්‍යයේ යුතුකම මෙවැනි තත්වයත් ඇති නොකර මේ ආකාරයේ ඇවිලෙන ගිනි වලට වතුර දමා නිවීම බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි. එහෙන් කැලේ කපනවා, පුරාවස්තු විනාස කරනවා, වද බෙහෙත් ගේනව. අන්තවාදින් සුලු පිරිසක් කරන දේවල් නිසා අවුරුදු සිය ගානක් තිස්සෙ තිබුන සිංහල මුස්ලිම් සමගිය නැති වෙනවා .
ජාතීන්?????? අපි හිතාගෙන හිටියේ මේ රටේ ඉන්නේ ශ්‍රී ලංකික කියන ජාතිය විතරයි කියල.
ජාතියක් තවත් ජාතියකට එරෙහිව කටයුතු කරනවානම් එක පල නොකර හිටියාම ප්රශ්නය විසදෙනවාද
ආරක්ෂක ලේකම් අපි රට වටේ යන්නේ බඩගොස්තර වාදී තනතුරු පෙරේත ඇස් පොට්ටයෙකු මෙන් නොවන බව මතක තියා ගතහොත් හොඳා. ඔබ කරන්නේ ඔබ ලේ මසින් ජාතකවෙච්ච සිංහලයන්ගේ අනාගත පරපුරට ද්‍රෝහී කමක් කමක්.
ජර්මනියේ යුදෙව්වන්ට වුනු දේවල් ගැන ඉතිහාසයේ කියවල තියෙනවා නම් මේ වගේ කමෙන්ට් දකින්න ලැබෙන්නේ නැහැ, පළමු ලෝක යුද්ධය අවසාන වූ පසු ජර්මනියට අතිවිශාල වශයෙන් වන්දි ගෙවන්න වුනා, ඒ නිසාම රටේ විශාල පරිහාණියක් ඇති වුනා, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ජාතිවාදී උන්මන්තකයෙක් මේ සියලු දෙයටම් හේතුව යුදෙව්වන් බව පවසමින් මිනිසුන් මුලා කළා, ක්‍රිස්තියානු ආගමිකයන්ගේ ඇති යුදෙව් විරෝධය මෙයට හොඳ ගැම්මක් වුනා. පළමුව යුදෙව් නිවාස වෙළඳ සල් ආදියට ගල් ගසමින් ගිනි තබමින් ඇරඹුණු ක්‍රියාදාමය අවසන් වුනේ ජර්මනිය නටඹුන් වී යුදෙව් ජනයා මිලියන 6ක් දැවී පිලිස්සී යාමෙනුයි, එමෙන්ම ඊලාම් යුද්ධ වලට පෙර දෙමළ ජනයාට එරෙහිව මේ අන්දමින්ම ව්‍යාජ ප්‍රචාර යවමින් හැගීම් බර මෝඩ මිනිසුන් මුලා කළා, අවසානයේ එය නතර වුයේ වසර 30ක් ඇදී ගිය සිවිල් යුද්ධයකින් පසුවයි, දැන් ලංකාවේ වන සිදුවීම් ද ඊට නොදෙවෙනි නැහැ. අපි ඉතිහාසයෙන් පාඩම් උගත යුතුයි, එමෙන්ම තේරුම් ගන්න ඕනෑ වර්ගවාදයකට පිළිතුරු දිය හැක්කේ ඊටත් එහා යන උග්‍ර වර්ගවාදයකින් නොවන බව, මෙය බුද්ධ දේශනාවේ සඳහන් කාරණයක්.
ජාතිවාදී වැඩ කරන එක නවත්වන්න එතකොට පත්තරේ දන්නා ඔව්නේ වෙන්නේ නැහැනේ. මුස්ලිම් අයගේ ඉහලම අයගේ ඉදන් පහලම එක වෙනකන් කරන්නේ ජාතිවාදී වැඩ ඒවා ඉස්සෙල්ලම නතර කරන්නේ එතකොට ප්‍රස්ස්නේ විසදෙයි... කොන්ද කෙලින් තියන් වැඩ කරන්නේ.
සංහිදියාව ගැන කතාකරන කොට එක ජාතියක්... ප්‍රශ්න ගැන කතා කරනකොට ජාතීන් ගොඩක්... රජයට නිසි ප්‍රතිපත්තියක් නැති බව මෙම පුවතින් පෙනෙනවා.