ජාතික විගණන පනත ජවිපෙන් පාර්ලිමේන්තුවට ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 08 September 2017
නියඟෙට වැසූ විල්පත්තුව හෙට යළි විවෘත කරයි නියඟය හේතුවෙන් මාස එකහමාරකට ආසන්න කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විල්පත්තුව ජාතික උද්‍යානය හෙට සිට දේස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කෙරෙන බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 08 September 2017
සාජාහි දිවිනසාගැනීම ගැන වාර්තාවක් කැඳවයි එකම පවුලේ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු සාජාහිදී සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයේදී තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 08 September 2017
නිතී විරෝධී පලිබෝධනාශක ටොන් 41ක් අල්ලලා කල් ඉකුත් වූ හා නීතිවිරෝධී පලිබෝධනාශක ටොන් 41 ක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා පැවැසීය. 08 September 2017
විදේශ ඇමැති හෙට මෝදි හමුවෙයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹමින් දෙදින නිල සංචාරයක් සඳහා අද (08) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. 08 September 2017
සීතාවක විෂ වතුර කුඩුගම ඇළට - මසුන් 5000ක් මැරිලා දැඩි වර්ෂාවක් පැවැති ඉකුත් දින කිහිපයේදී සීතාවක ආයෝජන කළාපයෙහි කර්මාන්තශාලා මගින් පිට කර ඇතැයි කියන ලබන විෂ රසායනක් මිශ්‍රිත අප ජලය නිසාවෙන් අවිස්සාවේල්ල කුඩුගම ඇල මාර්ගයෙහි ජීවත් වූ මසුන් රැසක් මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 08 September 2017
20 ගැන අධිකරණ තීන්දුව කතානායකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්යවස්ථානුකූද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කතානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. 08 September 2017
බත්තරමුල්ලේ රාජ්‍ය ආයතන උදේ 7.30 සිට වැඩ අගනුවර හා ජනාකීර්න පෙදෙස්වල උදෑසන පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. 08 September 2017
සෙනසුරාදා සහ ඉරිදාත් ඇලෝසියස්ගෙන් ප්‍රශ්න කරන්න යයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අද(08) දිනයේදී පැය 08ක කාලයක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් කොමිසමේ විමර්ශන නිලධාරීන් හෙට සහ අනිද්දා (09-10) දිනවලදී ද ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. 08 September 2017
අර්ජුන් ඇලෝසියස් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු අනුසාරයෙන් දිව්රුම් ප්‍රකාශයක් සකස් කොට ඉදිරි සතියේ කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා බැඳුම්කර කොමිසමට අද (08) දැනුම් දුන්නේය. 08 September 2017
තිනියාවල පාලිත හිමිගෙ පෙත්සම කල්යයි මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් ) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය. 08 September 2017
බණ්ඩාරවෙල ගම් රැසක නායයෑමේ තර්ජන උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්ව ඇති දික් අරාව ඇතුළු බණ්ඩාරවල ගම්මාන රැසක් විශාල නායයාමකට ආසන්නව පවතිතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 08 September 2017
ගම්පහ වෙළඳුන් 20කට දඩ මිල ප්‍රදර්ශණය නොකර වැඩි මිලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර විකිණීම සහ කල්ඉකුත් වු ආහාර හොඳ තත්ත්වයේ ආහාර සමඟ තැබීම යන චෝදනාවන්ට වරදකරු වු වෙළඳුන් 20 කට රුපියල් 60000ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (8) නියම කළේය. 08 September 2017
සිල් රෙදි නඩු තීන්දුවෙන් රාජ්‍ය දේපල අවභාවිතය සීමාවෙයි - පැෆරල් ඉකුත් රජය සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය ගැන පැවැති නඩු විභාගයේ තීන්දුව හරහා ඉදිරියේදී රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සීමා වනු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානය කියයි. 08 September 2017
කොළඹ නුවර අධිවේගී මාර්ගය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක් - අගමැති කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය 08 September 2017
සයිටම් ගැන කමිටු වාර්තාව 11 වැනිදා ජනපතිට සයිටම් ගැටළුව විසදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව 11 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය. 08 September 2017
ජනපති ආර්යාවටත් නඩු දැමිය හැකියි - හිටපු ජනපති දින කිහිපයකට පෙර ජනාධිපතිතුමා හා ආර්යාවද සිල් රෙදි බෙදනු තමන් දුටුව බවත් මේ විදිහට ගියහොත් ජනාධිපති ආර්යාවටද නඩු දැමිය හැකි එය බවත් එය මහා භයානක තත්ත්වයක් බවත් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 08 September 2017
ජල බිල වැඩි කළ යුතු බව ඇමැති හකීම් කියයි ජල බිල ජනතාවට බරක් නොවන පරිදි සුළු ප්‍රමාණයකින් හෝ වැඩි කිරීම පිළිබඳව රජය කළ්පනා කළ යුතුව ඇතැයි නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය. 08 September 2017
ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. 08 September 2017
පොලිසියේ 2560කට උසස්වීම් පොලිස් සේවයේ 2560කට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම රැස්වී අද(8) තීන්දු කළ බව එම සභාවේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය. 08 September 2017
එජාප 71 වැනි සංවත්සරය කල් දමයි එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය මෙවර රත්නපුරයේ දි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණ හදිසිසේ ඇති වු අධික වර්ෂාව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. 08 September 2017
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. 08 September 2017
පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ හා ව්‍යාපෘති එළිදැක්වීමේ සම්මන්ත්‍රණය හතරවැනි වරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි. 08 September 2017
කළු ඟඟ පිටාර ගලයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි අධික වර්ෂාව නිසා කළුගඟ පිටාර ගැලිමෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනය අඩාල වී ඇත. 08 September 2017
එජාප මහ ලේකම්ට පැෆරල් සංවිධානය තුති පුදයි පළාත් පාලන ඡන්දයේදී අපේක්ෂකයින් තෝරා ගැනීමේදී යම් නිර්ණායක ප්‍රමාණයක් සලකා බැලීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාට ස්තූතිය පළ කරමින් පැෆරල් සංවිධානය ලිපියක් යවා ඇත. 08 September 2017
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය. 08 September 2017
අජිත් රෝහණට කොළඹ උතුරු කොට්ඨාසය බාරවෙයි පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. 08 September 2017
පැය හතරට කළු ගඟ මීටර් පහකින් ඉහළට කළු ගඟේ ජල මට්ටම තවමත් පවතින්නේ යම් අවදානමක නිසා කළු ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා ඉල්ලීමක් කරයි. 08 September 2017
මහින්ද රනිල් හදිසි සාකච්ඡාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි. 07 September 2017
කෝප් කමිටුවේ වාර්තා කාටවත් දුන්නේ නෑ - රෝසි “තමා සාමාජිකත්වය දැරූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකටත් දුන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය අද (7) පැවැසුවාය. 07 September 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026