තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් ) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (18) කැඳැවිණි.
බැඳුම්කර වංචාව පිළිබඳ කොප් වාර්තාවේ යම් යම් සොයා ගැනීම් හා අවසන් නිර්දේශයන් නොගැලපීම් ,පරස්පරවිරෝධී හා පයන් එමඟින් තමන්ගේත් , මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව ප්‍රකාශ කරන්නැයිද මෙම පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් දැන්වත් මේ පෙත්සම ඉල්ලා අස් කර ගන්න....
රටේ මෙහෙමත් හාමුදුරුවරු ඉන්නවද? හිතාගන්නත් බැහැ...
බුද්ධපුත්‍රයන් වහන්ස ඔබ නැවත නැවත නැවතත් මෙනෙහි කරන්න ඔබගේ උජුපටිපන්න බව, කවුරැන් හෝ බුද්ධප්රත්රයන් වහන්සේව මුලාකරඇත්ද?
තිනියාවල හිමියන් ඉවත් කළත් තමන් යූ. එන්. පී. බවත් රවීගේ යාළුවා බවත් දන්නවා. මාදුළුවාවේ සෝභිත හිමියන්ට සිදුවූ දේත් අපි දන්නවා. චීවරයට නිගා නොවෙනවා නම් හොඳයි.
මගේ මතකය 70 දශකයේ මැද භාගය කරා දිව යන විට මැදියම් රෑ අහළ පහළ තුරු ලතා පන්සලේ කම්බි වැටට උඩින් පන්සලේ උණුසුම සොයා වැනුණ අඳුරු සෙවනැලි ජනිත කලත් එහි සැඟව තිබු චමත් කාරය දන්නේ එහි පහස ලද ප්රපඥ පමණයි. අපුරුයි හිමියනි අපුරුයි!
පාලිත, ඔබ එජාප..බවත් රවී ගේ පසුපස යන්නෙක් බවත් ප්රවෘත්ති වලින් වටහා ගෙන සිටිමු. එහෙත් මේ මහ දවල් ජාතියට කල වංචාව දැන් හෙළි දරව්වී භමාරයි. ඒ නිසා ගෞරවය රකිනු සඳහා පෙත්සම ඉවත්කර ගන්න.