( තිළිණි ද සිල්වා )
එකම පවුලේ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු සාජාහිදී සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයේදී තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය හරහා අදාල වාර්තාව කැඳවා ඇති අතර මේ සම්බන්ධයෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් චරිත යට්ටෝගොඩ මහතාද දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්පැවසීය.
කෙසේවෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිළ වශයෙන් කිසිදු දැනුම්දීමක් විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදු කර නොමැති බව එම අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd