තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්යවස්ථානුකූද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කතානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති පළාත් සභා ජන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතඅභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 13 විභාගය අද (25) අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්රියාසත් ඩෙප් , අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මතය සත පහකට ගණන් ගන්නේ නැතුව දේශපාලුවන්ට ඕන විදීයට සංසෝධනය කරපු ව්‍යවස්ථාව අපට එපා. මහජන මතය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් පක්ෂය මාරු කරන්නේ කාගෙන් අහලද? ලොකු කුට්ටිය ලැබෙන පැත්තටද? පක්ෂය මාරු කලොත් ආසනය අහිමි වෙන හැටියට ව්‍යවස්ථාව සංසෝධනය කලොත් අපිත් චන්දෙ දෙනවා...!
අර ජේ.ආර්. මහත්තයාගේ කාලෙත් පැරදුන අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් රිංගවා ගන්න ඔහොම මතය විමසලා ඒකට ශ්‍රේෂ්ටාධිකරණයේ මතය ලබාගත් හැටි ගැන දැන් රටම දන්නවා. මහින්ද තුන්වැනි වතාවෙත් රජවෙන්න කරපු ඉල්ලීම ගැනත් එහෙම මතයක් පල කෙරුණු හැටි ගැන දැන් රට කතාවෙනවා. අනේ, අපිට එහෙම කතාවෙන්න මේ මතයෙන් පස්සෙත් සිදු නොවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.