හර්ෂණ තුෂාර සිල්වා
“තමා සාමාජිකත්වය දැරූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකටත් දුන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය අද (7) පැවැසුවාය.
“ආරම්භයේ පටන්ම සුපිරිසුදු දේශපාලනයක නිරත වූ තමන්ට අපහාස කළ සියලූම මාධ්‍ය හා පාර්ශ්වවලට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නේ යැයි ද” රෝසි සේනානායක මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.
විදෙස් සංචාරයේ යෙදී සිටින අතරතුර ‘ලංකාදීපයට’ විශේෂ ප්‍රකාශයක් කරමින් රෝසි සේනානායක මහත්මිය එසේ සඳහා කළාය.
තමා සාමාජිකත්වය දැරූ කෝප් කමිටුවේ දෛනික කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සිටි මාධ්‍යවේදීන් දැනුවත්ව සිටියද තමන් අවම වශයෙන් මාධ්‍යයටවත් කමිටු තොරතුරු නොදුන් බව ද රෝසි සේනානායක මහත්මිය අවධාරණයෙන් පැවැසුවාය.
“කෝප් කමිටුවේ කිසිදු වාර්තාවක් කුමන පාර්ශවයකට හෝ මා දුන්නේ නැහැ. අවම වශයෙන් මාධ්‍යයට හෝ දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සිටි මාධ්‍යවේදීන් කෝප් කමිටුවේ දෛනික කටයුතු වාර්තා කළා. මා එවැනි ක්‍රියා මාර්ගවලට හෝ දායක වූයේ නැහැ. මා සාමාජිකත්වය දැරූ මුළු කාලය තුළම කෝප් කමිටුවේ කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකට හෝ නොදුන් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමැතියි. මට අපහාස වන අයුරින් මාධ්‍යවල පළවු සියලු වාර්තා ප්‍රතික්ෂේප කරනවා. එවැනි වාර්තා පළ කිරීම ගැන අතිශය කනගාටු වෙනවා. මගේ දේශපාලන චරිතයට කැළලක් වන අයුරින් මාධ්‍යවල පළවු වාර්තාවලට එරෙහිව දිවයිනට පැමිණි වහාම උපරිම නීතිමය පියවර ගන්නවා.
මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් මගේ පුතා ගැන ද කියැවී තිබුණා. එහිදි මගේ පුතා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණේ තෙවැනි පාර්ශවයක් ලෙසයි. මාධ්‍ය සඳහන් කර තිබූ ආකාරයට අදාළ දුරකතන සංවාදයට මගේ පුතාගේ කිසිදු සෘජු සම්බන්ධයක් සඳහන් වී නැහැ. කෝප් කමිටුවේ තොරතුරු මාධ්‍යට හෝ කිසිදු පාර්ශවයකට හෝ නුදුන්නා සේ මගේ පුතාටවත් කිසිදු තොරතුරක් මා දුන්නේ නැහැ. මගේ පුතා මගෙන් එවැනි තොරතුක් ඉල්ලා ද නැහැ. මේ සම්බන්ධයෙන් මට එල්ල වන චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ සම්බන්ධයෙන් උපරිම අයුරින් නීතිමය පියවර ගන්නවා” යැයි ද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි. හැබැයි ඔබතුමි කියපු විදිහටම උපරිම නීතිමය පියවර ගන්න
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.
එතකොට එදාවේල බොහොම අමාරුවෙන් ගැටගහගන්න අපිද ඒවා දුන්නේ ??
එතකොට දුරකථන වල සටහන් වෙලා තියන ඒවා බොරුයි කියලද කියන්නේ ?
හොඳම විදිය තමා කොමිසම ඉදිරියට ගොස් තම නිදොස් භාවය ඔප්පු කරන එක. පුළුවන් නම් කරන්න. තමා කියන දෙය අනිත් අය පිළිගන්නේ එතකොට තමා.
බලාගෙන ගිහාම මෙයාල ඔක්කොම බබාලනේ.
ඔව් ඉතින් ඔබතුමිය නෙමෙයිනෙ පුතානෙ දුන්නා කියන්නෙ, වැරදි කරපු කෙනා දඩුවම් ලබයි. අහිංසක මිනිසුන්ගෙ සල්ලිනේ .
මම එහෙම දෙයක් දුන්නද කියල මට මතක නෑ මම එ් ගැන මොකුත් දන්නෙ නෑ. මගේ පුතා මේ ගැන කිව්වද කියල මම හරියටම දන්නෙ නෑ.... අන්න එහෙමනෙ කියන්න තිබුනෙ.
මට මතක හැටියට 90 දශකයේ මුල ස්විස්ටර්ලන්තයේ රාජ්‍යනායිකාව වී සිටිය එලිසබත් කොප් මහත්මියගේ ගේ වෘත්තියෙන් නීතිඥයෙකු වූ ස්වාමි පුරුෂයා ට ඔහුගේ වෘත්තියට වාසි ලැබෙන අන්දමින් රජයේ රහස්‍ය තොරතුරු ලබා ගැනීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව උදව් කිරීමේ චෝදනාව මත රටේ පාලක තනතුරෙන් පවා ඉවත්වීමට සිදුවුනා. මේ සිද්ධියේදී ඇය රටට, ජනතාවට හා ශිෂ්ඨ දේශපාලන මූලධර්ම වලට ගරුකර තනතුරින් ඉල්ලා අස්වුණා. කිසිම ස්විස් ජාතිකයෙක් " අනේ අපේ අම්මේ අපිව දාල යන්න එපා කියා" බර්න් නගරයේ පෙළපාලි ගියේ නැහැ. කවුරු කලත් දුෂණය දුෂණය බව රටේ ජනතාව සවිඥානිකව ඉන්නා තාක් කිසිම බලවන්තයෙකුට බලෙන් බලයේ ඉන්න මේ රටවල ඉඩක් නැහැ.
හරි පිරිසිදු චරිතය....
මේක උසාවියක සාක්කියක් නිසා බොරුවක් නෙමේ. අන්දන්න එපා අනේ.
මේවා බොරුවෙන්නේ කොහොමද අද රටේ 99% ක්ම ව්ශේෂයෙන් දේසපාලකයන් මෙන්ම දේසපාලකයන්ට සම්බන්ද වුවන් එම බලය උපයෝගී කරගනිමින් නොයෙකුත් කූට කම් දුෂණයන් වල යෙදෙමින් අසාධාරණ ලෙස පොහොසත් වී ඇති බව සනාථ වෙලයි තිබෙන්නේ. අද රටේ වංචා දුෂණයන්ට පෙලබී ඉන්නේ බහුතරයක්ම සිවිල් සේවකයෝයි. මෙය සංවර්දනය වෙන රටකට ප්‍රධාන බාධකයක්.
එහෙම දුන්නද කියලා මතක නැද්ද දන්නේ නැහැ.
සුපිරිසුදු දේශපාලනය කොහෙද තියෙන්නේ මැඩම්.
මෙතුමියට කැදවන්න කලින්ම අමතක වෙලා.... ඔබතුමියටත් පවුලේ සැමටත් සුබ අනාගතයක් තියෙනවා.
දේශපාලක කවුරු කවුරුත් අද කියන සුපිරිසිදුකම, අවංක කම කියන දේවල් අපි දැන් නම් විශ්වාස කරන්නේ නැහැ. මීට පස්සේ විශ්වාස කරන්නෙත් නැහැ. මේ සුපිරිසුදු කම් ගැන අහලාම අපි දැන් හෙම්බත් වෙලා හොඳටම. ක්ලීන් සුට් ගහලා සිටියත් එ්කේ පොකැට්ටුව අපිරිසුදුයි කියන එක අපි දැන් හොඳටම දන්නවා.
මැඩම් මොකද හීනෙන් බයවෙලා වගේ කියවන්නේ? නීතිය තියෙන්නේ අපට වඩා ඉහළින් බව දන්නැද්ද? නීතිය කියලා මාධ්‍යය බය කරන්නද හදන්නේ? ඒ කාලේ ඉවර වෙලා ගොඩක් කල්, ඕකට තමයි කියන්නේ හොරාට පෙර කෙසල්කැන වැට පනිනවා කියන්නේ.... තමුන් වැරදි නැතිනම් මොකටද බය වෙන්නේ?
සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් ලාරාගෙන් ඇහුවනං කියයි.