නිමල කොඩිතුවක්කු
සයිටම් ගැටළුව විසදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව 11 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු සියලූ පාර්ශ්ව වල කරුණු ඇතුලත් වන පරිදි මෙම වාර්ථාව සකස් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා වන කරුණු ඇතුළත් කර දින දහයක් තුළ වාර්තාවක් ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ විශේෂ කමිටුවක් පතිකරන ලදී. නීතිපති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංෂයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන උප්පරවැට්ටි දැම්මත් ඔය කඩේ වහන එක නම් නවත්තන්න බැරි වෙයි. මොකද කියනවා නම් ඕකට මුලු රටම අකමැතියි.
මේකෙ ඉන්න හුඟක් පාර්ශව එක පැත්තකට බරයි කියලා පේන්නේ මට විතරද?