(රංජන් කස්තුරි)

පොලිස් සේවයේ 2560කට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම රැස්වී අද(8) තීන්දු කළ බව එම සභාවේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය.

පොලිස් කොස්තාපල් (රියදුරු) 291ක් පොලිස් සැරයන් (රියදුරු) තනතුරට ද, පොලිස් කොස්තාපල්වරුන් 2071ක් පොලිස් සැරයන් තනතුරටද, පොලිස් සැරයන් (ප්‍රවාහන) 8ක් පොලිස් පරීක්ෂක තනතුරටද, පොලිස් සැරයන්වරුන් 190ක් උප පොලිස් පරීක්ෂක තනතුරටද උසස් කරනු ලැබ සිටිති.