කේ බුද්ධික කුමාරසිරි
දැඩි වර්ෂාවක් පැවැති ඉකුත් දින කිහිපයේදී සීතාවක ආයෝජන කළාපයෙහි කර්මාන්තශාලා මගින් පිට කර ඇතැයි කියන ලබන විෂ රසායනක් මිශ්‍රිත අප ජලය නිසාවෙන් අවිස්සාවේල්ල කුඩුගම ඇල මාර්ගයෙහි ජීවත් වූ මසුන් රැසක් මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
විවිධ වර්ගවල මත්ස්‍යයන් 5000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි පරිසරවේදීහු කියති.
මෙලෙස සිතාවක ආයෝජන කලාපය තුලින් පිටතට දැමෙන අප ජලය ගලා බසින කුඩගම ඇල මාර්ගයේ දින කිහිපයක සිට මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් සිටිනු දක්නට හැකි වූ ප්‍රදේශවාසීහු කියති.
ප්‍රදේශවාසීන් පවසන්නේ ආයෝජන කළාපයෙහි කර්මාන්තශාලාවල රැස්කර තිබෙන විෂ ද්‍රව්‍ය මුසු රසායනික ද්‍රව්‍යයන් මෙලෙස වැසි දිනවලදී අප ජලය ගලා යන මාර්ග හරහා පිටතට යැවීමට කටයුතු කරන බවයි. ඒ සම්බන්ධව ආයෝජන කළාපයේ පාලන අධිකාරියට පැමිණිලි කළ බවද ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) ජගත් ද සිල්වා මහතා පැවසූවේ මෙලෙස මසුන් මිය යාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ආයෝජන කලාපයේ පරිසර සංවර්ධන අංශයේ නිළධාරීන් හා ජල සම්පාදන මණ්ඩලය එක්ව ඇල මාර්ගයෙහි ජල සාම්පල් ලබා ගෙන පරීක්ෂණ සිදු කරන බවයි. එම වාර්තාවන් තවම ලැබී නැති බවත් , වාර්තාව ලැබුණු පසු අදාල කරුණු සලකා ඉදිරි කටයුතු සිදු කරන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විතරක් පිරිසිදුව සිටියොත් හරි අනිකා මගේ කුණුද සමඟ අපිරිසිදුව සිටියාට කම්නැත. අප මොනතරම් ආත්මාර්ථකාමිද? ඇළ මාර්ගයකින් කොපමණ ජීවින් ප්‍රමාණයක් ජිවත් වෙනවාද?
ජලසම්පාදනය ,පරිසර අධිකාරිය මේවට වගකියන්න ඕන.මෙයාල හිටාගෙන ඉන්නේ ලංකාවේ තියෙන හැම කුණු කානුවක් ම ගඟට හැරෙවුවහම හරි කියල .එහෙම කරන යට කිරි පොවා පොවා ඉන්නවා
අර අධිකාරිය මේ අධිකාරිය තිබුණාට වැඩක් නෑ... ඒ වගේ ඉන්නේ හොරු, තක්කඩි වැරදි කරන අයට නඩු දැම්මත් වැඩක් නෑ... නීති මහත්තුරු පගාව ගත්තම නිදොස් කොට නිදහස්... දැන් අපිට ඉතුරුවෙලා තියෙන්නේ නීතිය අතට ගන්න. වැරදි කරන අයව හදන්න. එහෙම නැතිනම් මකන්න. එතකොට ඉබේම රට සාමකාමී වෙනවා...