නන්දිකඩාල් කලපුවෙන් මළ මසුන් සොයාගැනෙයි මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයට මිය ගිය කුඩා මාළුන් අති විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබිණි. 04 June 2017
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රහාර දෙකේ සම්බන්ධය සොයයි සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ’ලන්ඩන් පාලම’ අසලත් ’බරොව් මාර්කට්’ ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
උතුරු කොරියාවට පැනවූ සම්බාධක තවත් වැඩිකරයි උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් එරට පැන වූ සම්බාධක පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා (3) තීරණය කළේය. 03 June 2017
අපදා සහන සලසන්න යුරෝපා කොමිසමෙනුත් ආධාර ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ආසන්න වශයෙන් රුපියල් මිලියන 51ක මුදලක් ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ. 02 June 2017
පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ. 02 June 2017
යටලමත්ත අනතුරින් අයෙක් මරුට අයෙකුට බරපතලයි යටලමත්ත කළුබෝවිටියනදී අද සවස සිදුවූ යතුරු පැදි සහ මෝටර්රථ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ තරුණයන් දෙදෙනෙකු අතුරින් 23 හැවිරිදි තරුණයකු මරුමුවට පත්වී ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 02 June 2017
‘හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ‘ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි. 02 June 2017
නාමල්ගේ වන්දි නඩුව 12 වැනිදා විභාගයට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් සහ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් කෝටි 20ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනු කළ නඩුව ලබන 12 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා අද නියෝග කළේය. 02 June 2017
වැලිකඩ වෙඩි තැබීමේ අභියාචනය ජුලි හත කැඳවයි 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීස් අධ්යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන ජූලි 07 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කෙරිණි. 02 June 2017
පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 02 June 2017
පාසල් 59ක් විවෘත කරන දිනය අවිනිශ්චිතයි අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන හා හානියට පත් පාසල් 59ක් හැර රජයේ සෙසු සියලු පාසල් ලබන සඳුදා(5) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 02 June 2017
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන් මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය. මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක 02 June 2017
ගම්මන්පිලට රට යන්න අවසර ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට පාර්ලිමෙන්තුවේ කටයුත්තක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (2) අවසර දුන්නේය. 02 June 2017
‘ඡන්දය පුරවැසියන්ගේ වගකීමක්‘ - මහින්ද දේශප්‍රිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බවත් ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 02 June 2017
දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් කොළබ වෝටර්ස් එජ් හි දී අද(2) පැවැත්විණි. 02 June 2017
අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති. 02 June 2017
රූපවාහිනි හිටපු සභාපතිවරුන් දෙදෙනකුට නඩු රජයට රුපියල් 34,54279ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද(2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය. 02 June 2017
වවුනියාවේ ව්‍යාපාරිකයකු ඝාතනය කෙරේ තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකුගේ සිරුරක් අද(02) වවුනියාව කායකන්කුලම කැළෑ ප්‍රදේශයක තිබී සොයාගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි. 02 June 2017
මැනිලා හෝටලයක මළසිරුරු 36ක් පිලිපීනයේ මැනිලා නුවර හෝටල් සංකීර්ණයක කැසිනෝ ක්‍රීඩාගාරයක සිදූවු වෙඩි තැබීමකින් පසුව මළසිරුරු 36ක් සොයාගත් බව පිලිපීන ආරක්ෂක අංශ වාර්තා කරයි. 02 June 2017
අනුර සේනානායකට ඇප රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය. 02 June 2017
එකම පවුලේ තුනක් පෝරකයට වව්නියාවේ ස්ථාන තුනක දී සිදුවූ ඝාතන 3 කට වරදකරුවන් වූ පස් දෙනකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් මරණ දඬුවම නියම කරනු ලැබූහ. 02 June 2017
පොලිසියේ ලොකු පුටු 12ක වෙනසක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි. 02 June 2017
ඕස්ට්‍රේලියාවෙන් නවීන යාත්‍රා දහයක් පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් අද (1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි. 01 June 2017
සයිටම් තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22 මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම මේ මස 22 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) තීන්දු කළේය. 01 June 2017
ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට අධ්‍යක්ෂකට ඇප ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය. 01 June 2017
ආපදා පෙදෙස්වලට රජයෙන් සංවිධායකවරු ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු අද (1) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 01 June 2017
බුලත්සිංහල මිල්ලකන්ද නාය යාමේ අවදානමක් බුලත්සිංහල මිල්ලකන්ද පහළගම නායයෑමේ අවදානමක් නිසා කන්ද පාමුල සිට පවුල් 7 ක් ඉවත් කළ බව පොලිසිය කියයි. 01 June 2017
’ආගමික ප්‍රජාවන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා වැඩි වෙලා’ මෙරට ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවෙන වෛරී ප්‍රකාශ සහ ප්රචණ්ඩ තත්ත්වයන් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 01 June 2017
ආවා කල්ලියේ නායකයන් ඉන්දියාවෙන් අල්ලයි යාපනය හා අවට ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයින් තිදෙනා වීසා නොමැතිව අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටියෙදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 01 June 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026